බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැමදේම සල්ලි නෙමෙයි… වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවත් නොතකා වෛද්‍ය පීඨ හදන්න ගොස් ජාතික වෛද්‍ය අධ්‍යාපනය විනාශ නොකරන්න.. . 

 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය රජයට දන්වයි!

by editor
මාර්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල ඇති බරපතල ගැටලු නිරාකරණය නොකර  වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් සහ සිමා රහිත ලෙස  ව්‍යාප්ත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් අනාගතයේදී බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව   කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය රජයට අනතුරු අඟවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා නිසි පුරෝකථනයකින් තොරව,  ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව පාදක කර ගනිමින් වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම කැබිනට් තීරණය වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි වනවා පමණක් නොව,  වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ආචාර්ය සංගමය අවධාරණය කරයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වන බවත් . දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනික පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලබන බවත් පෙන්වාදේ.

වසරකට සිසුන් 500ක් බඳවා ගන්නා තවත් වෛද්‍ය විද්‍යාලයක පුහුණු අවශ්‍යතා සපුරාලීමට හෝමාගම මූලික රෝහලට නොහැකි බවත්  මෙම පියවර ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් අචාර්ය සමංගමය අවදාරණය කරයි. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රාජ්‍ය වෛද්‍ය පීඨවල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයක් වන අතර  මෙම අවිධිමත් හා වගකීමකින් තොර ව්‍යාප්තිය, දැනට පවතින, ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමය බිඳවැටීමට තුඩු දෙනු ඇති බව ද ඔවුහු පෙන්වාදෙති.

ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් නියම කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කිසිදු තත්වයක් යටතේ පහත හෙලීම නොකළ යුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අවධාරණය කරයි.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය නොකළ යුතුය, අලුතින් පිහිටුවන ලද රාජ්‍ය වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් හා මානව සම්පත්වල බරපතළ අඩුපාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කළ යුතුය, යන්න ඔවුන්ගේ තීරණය වේ.

ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය සඳහා නව වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ අපේක්ෂිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා  ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ආචාර්ය සංගමය පවසයි.

දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල බරපතල ගැටලු නිරාකරණය කරන තුරු, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් නව වෛද්‍ය පීඨ ස්ථාපිත නොකළ යුතු බව ඔවුන්ගේ මතය වන්නේය.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බරපතළ ගැටලු විසඳීමට කඩිනම් පියවර  ගන්නා ලෙසත්, රාජ්‍ය වෛද්‍ය පීඨවල පැවැත්ම අනතුරේ හෙළන අහිතකර ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත්  කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබරගමු සමන් දේවාල බස්නායක නිලමේ පොරයේ ගොදුරු වූ වැලිගෙපොල සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි… සිටි ස්ථානවලම සේවයේ පිහිටුවයි!

Next Post

තව කෙනෙකුට ඉඳගන්න බැරි ලෙස කථානායක පුටුවේ වසුරු හෙලූ යාපා ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටත් බය දීන බයගුල්ලෙක්!  අනුර පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.