බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

by editor
දෙසැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ජන ජීවිතයට බරපතල  ලෙස බලපාන විදුලිබල පනත පාර්ලිමේන්තුව සහ අධිකරණය මගහරිමින් අතිශය ගැටලුකාරී ආකාරයට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අලජ්ජී ආකාරය සම්බන්ධව අද (08) පාර්ලිමේන්තුව තුළ  විපක්ෂය ඒකාබද්ධව   බරපතල විරෝධයක් මතු කළේය.

දයාසිරි ජයසේකර, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන  විපක්ෂ මන්ත්‍රීවරු සාධක සහිතව සහ තර්කානුකූලව  පැහැදිලිව කළේ  මේ සැලසුම් සහගත අක්‍රමවත් ක්‍රියා පිළිවෙත සම්බන්ධව බරපතල ගැටලුවක් ඇති බවත්, එය රටට ජනතාවට මෙන්ම රටේ ආර්ථිකයට ද    දැඩි  ලෙස බලපාන ගැටලුවක් වනු ඇති බවත්ය.

පනත ගැස්ට් මගින්  5 වැනිදා ප්‍රකාශ කරන බව දන්වා 8 වැනිදා දිනයේ 05 වැනිදා දාතමින් යුතුව ප්‍රකාශ කිරීමත්, ඉන් අනතුරුව 13 වැනිදා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් 15 වැනිදා සිට අධිකරණය නිවාඩු දෙන බැවින්    පනත අධ්‍යයනය කිරීමට, අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට  ඉතිරි වන්නේ දින දෙකක් පමණක් බවත් ගැසට්ටුව හදිසියේ ප්‍රකාශ කිරීමට ගොස්  සිදුවුන  මුද්‍රණ දෝෂ පිළිබඳවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු සමස්ථයක් ලෙස එක් වී පෙන්වා දුන්හ.

සභානායක සුසිල් ප්‍රේමජන්ත  මේ ඇති වී තිබෙන ගැටලුව  අවබෝධාත්මකව පිළිගත්තේය.

පනතේ විපරීතය  සම්බන්ධව මුලින්ම පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසිනි. නියමිත ප්‍රශ්න විමසීමේ අවස්ථාවේ දී විශේෂ කාලයක් ඉල්ලා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදුලිබල පනත වසා ගහන්නට යන ගුප්ත ආකාරය සම්බන්ධව මෙසේ ප්‍රශ්න කළේය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

දයාසිරි ජයසේකර –  “විදුලිබල පනත ගැසට් කරලා තිබුණා කියලා අපට දැනගන්න ලැබුණා. ගැසට් පත්‍රය 05 වැනිදා ගහලා තියනවා කියලා කිව්වා. ඒත්  ඒක පරික්ෂා කළාම එහෙම ගැසට් එකක්  ගහලා නෑ. හැබැයි පස්වෙනිදා  මෙහෙම ගැසට් පත්‍රයක් මුද්‍රණය  වෙලා නෑ. ඊයේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජයේ මුද්‍රනාලාධිපතිනියට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඇහුවාම එතුමිය කියනවා මෙය තවමත් සැකසෙමින් පවතින බැවින් මේ සඳහා මුද්‍රිත පිටපතක් ලබා දිය නොහැක. මෙතෙක් වෙබ් අඩවියේ ද පල නොකරන ලදී. භාෂා ත්‍රිත්වයෙන් පිටු තුන්සියයක් පමණ ඇත කියලා අපට ලිපියක් දෙනවා.  ඒ කියන්නේ 05 වැනිද මේ ගැසට් එක මුද්‍රණය වෙලා නෑ.

අද උදේ පාන්දර 3 වනවිට තමයි මේ ගැසට් පත්‍රය පල වෙන්නේ. 5 වැනිදා කියලා දිනය දලා තියනවා. නමුත් මේක බාගත කරගන්න අද පාන්දර තුනට. එතකොට මෙතැනින් පස්සේ තියන ප්‍රශ්නය තමයි මේක දින 07ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕන පාර්ලිමේන්තුවට.

එතකොට බලපුවාම 12 වැනිදා තමයි ඉදිරිපත් කරන්න අවසාන දිනය තියෙන්නේ. 12 වැනිදා ඉඳන් දින 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 12 වැනිදා කියලා දින 14 යි කියන්නේ 28 වෙනවා ගරු කතානායක තුමනි. 28 වනවිට උසාවි නිවාඩු දීලා. පාර්ලිමේන්තුව ඇතුලෙ අපට කතා කරන්න දේකුත් නෑ මේක ඇතුළෙ. සම්පූර්ණයෙන් විදුලිබල පනත ගැන අපේ තියන කිසිම වෘත්තීය සමිතියක් එක්ක සාකච්ඡා කළේ නෑ. කිසිම පාරිභෝගික සමිතියක් එක්ක සාකච්ඡා කළේ නෑ. කිසිම උපදේශනයකට යන්නේ නෑ. සාලිය වික්‍රමසූරිය මහත්තයා සහ තිලාන් විජේසේකර මහත්තයා එකතු වෙලා තමන්ගේ පුද්ගලික වැඩපිළිවෙළක් ලෙස මේ කරලා තියෙන්නේ මේ රටේ කෝටි ප්‍රකෝටි ගණනක් වංචා සිද්ධ වෙච්චි ස්ථානයක් මේක.  ඒ නිසා මේක තවත් ඩීල් එක්ක ද කියන ප්‍රශ්නය අපට තියෙන්නේ. ඒ නිසා අපේ සභානාකතුමාගෙන් ඉල්ලන්න කැමතියි කරුණාකරලා  කල්පනා කරන්න. මේක වැදගත් පනතක්. මේක අපට සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. අපේ කමිටුවක සාකච්ඡා කළේ නෑ. වෘත්තීය සමිතියක් එක්ක සාකච්ඡා කරලා නෑ. අඩුම තරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා නෑ.

එහෙම කරලා හදපු ඉතාම භයානක පනතක් මේක. ඉතින් ඒ නිසා අපට නඩු දාන්න තියන වෙලාවත් වහලා පාර්ලිමේන්තුවත් වහලා දැම්මට පස්සේ උසාවියත් වහලා දැම්මට පස්සේ මොකක්ද මේ විදුලිබය සම්බන්ධව මේ අය නටන නාඩගම. මේක සම්පූර්ණ වැරදි වැඩක්. කරුණාකරලා මේකට අවශ්‍ය පියවර ගන්න කියලා මා ගෞරවයෙන් ඉල්ලනවා.

දයාසිරී ජයසේකර මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේය.  අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉන් පසු තත්ත්වය වඩාත් පැහැදිලි කළේය.

අනුර කුමාර දිසානායක – ගැසට් එක පස්වෙනිදා පිටකරනවා කියලා කියලා අද පිටකරනවා. සතියක් තියනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට  13 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා.  අපිට සති දෙකක කාලයක් තියනවා අධිකරණයට යන්න. හැබැයි 15 වැනිදා අධිකරණයට නිවාඩු දෙනවා. පස්සේ අපිට අධිකරණයට යන්න බැරිව යනවා. ඊට පස්සේ අධිකරණයට සති තුනක කාලයක් තියනවා. තිබ්බට වැඩක් නෑ. මොකද අපට ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති නිසා.

මේක ඉතාම සැලසුම් සහතග වැඩක්. පාර්ලිමේන්තුව මගහරින්නේ කොහොම ද?. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයට යෑම මගහරින්නේ කොහෙම ද?, ගැස්ට් නිවේදනය සම්බන්ධව අධ්‍යයනය කරන්න තියන අවස්ථාව මගහරින්නේ කොහොමද කියලා සැලසුම් කරන්න මේ හදන්නේ.

ඊට පස්සේ ඊලඟ ජනවාරි 14 පාරිලිමේන්තුව කැඳවනවා. මේ තියන වකවානු විදිහට ගියොත් ජනවාරි 14 වැනිදා මේක පාර්ලිමේන්තුවට ගේන්නත් පුලුවන්. විවාදයට ගන්න පුලුවන්. මේක ඉතාම කුමන්ත්‍රණකාරී වැඩක්. අද නම් මේක ඉදිරිපත් කළේ පස් වැනිදා කියන දිනය ගණන් ගන්න බෑ. එහෙනම් අද සිට සතියක්. ඒක ගන්න. අපි ඒකට එකඟයි. 5 වැනිද සිට සතියක් ගැනීම වැරදිය ගරු නියෝජය කතානායක තුමනි.

මේ අවස්ථාවේ දී සභානායක සුසිල් ප්‍රේමජයන්ත  නැගී සිටියේය. තවම පාර්ලිමේන්තුවේ පළමු කියැවීමට මේ පනත සභාගත කළේ නෑ. විදුලිබ ඇමතිතුමාට මේ සම්බන්ධව මම යොමු කරන්නම්. මේ නිවාඩු කාල සීමාව සම්බන්ධව මම දැනුම්වත් වෙලා ඉන්නේ. නමුත් එතුමා දැනුම්වත් වෙලා හිටිය ද දන්නේ නෑ. මොකද 15 ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය පටන් ගන්නේ දෙවැනි සතියේ පළවෙනි දවසේ.

හර්ෂ ද සිල්වා – අපි මෙතන එකට ඉන්නවා. හය වැනි පිට බලන්න. සිංහල එකේ ඉංග්‍රීසි වචන තියනවා. මෙතන වැදගත් සාකච්ඡාවක් අවශ්‍යයි. මේක නැවත ගැසට් එකක් දාන්න. බලන්න 6 වැනි පිටුව පෙරළලා. සංහල එකේ ඉංග්‍රිසියෙන් තේරෙන්නේ නැති දේවල් තියනවා. අපි ගැසට් එකක බලන්නෙ සිංහල එක. නැවත මේ ගැසට් එක ගහන්න. සිංහල භාෂාවෙන් ගහන්න. ඒ අලුත් දිනයට මේක ඉදිරිපත් කරන්න.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත – ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුව එහේ ගැහුවත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ ඉඳලයි දින ගණන ගණන් කරන්නේ.

අනුර කුමාර දිසානායක –  හරි… පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට තමයි දින ගණන ගණනය කරන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරන්නෙ ගැසට් එක ගහලා සතියක් ඇතුළත. 5 ගැහුවාම 12 වනවිට සතිය සම්පූර්ණ වෙනවා. පාර්ලිමේන්තුවට 13 දැම්මොත්  15 අධිකරණය නිවාඩු. ඒකයි මෙතන තියන ප්‍රශ්නය.  ඒනිසා තමයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මේක 5 වැනිදා ලෙස සලකන්න එපා. අදනම් ඉදිරිපත් කලේ අද නම් අද සිට සතියක් ගන්න. දෙවැනි එක මේකෙ භාෂා තුනෙන්ම ගැසට් එක එන්න ඕන. භාෂා තුනෙන් තිබ්බත් සිංග්ලිෂ් වලිනුත් තියනවා. මේ ඔක්කොම පෙන්නුම් කරන්නේ කලබලය.

හර්ෂ ද සිල්වා – මේවා පෲෆ් රීඩ් කළාද. පෲෆ් රීඩ් කරල ද දැම්මේ. බලන්න 6 වැනි පිට.

සභානායක –  මට පේන විදිහට සරලවම මේක 13 වැනිදාට කලින් ඉදිරිපත් කරන්න බැරිවෙනවා. තියන නිවැරදි කිරීම් ටික කරන්න අපි විදුලිබල අමාත්‍යාංශයට යොමු කරන්නම්. නිසි පරිදි මේ කරන්න කියලා

මම දන්න තරමින් මේ පනත සෑහෙන විවාද කළ යුතු පනතක්.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

Next Post

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.