ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල ඩෙංගු රෝගය පවතින බැවින් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සමග වුද උණ පැවතියහොත් රුධිර පරික්ෂාවක් කර ගන්නා ලෙසත් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවත් ඩෙංගු රෝග ලක්ෂණයක් විය හැකි බවත් ශ්වසන රෝග වෛද්‍ය ආශා සමරනායක පවසා සිටියි.
බොහෝ දෙනෙකු කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ පැවතියද එය සාමාන්‍ය වෛරස් උණක් යැයි සිතන නමුත් ඩෙංගු වෛරසය ශරීර ගත වූ පසුවද මෙවැනි ලක්ෂණ මතුවිය හැකි බවද ඇය පෙන්වාදේ.
ඩෙංගු රෝගයේදී තද උණ ඇගපත වේදනාව හන්දි වල තද වේදනාවන් ඇතිවිම නිතර අසන්නට ලැබෙන රෝග ලක්ෂණයන් වුවද කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව අලුත් ලක්ෂණයක් නොව එවැනි ලක්ෂණයන් වුවද ඩෙංගු රෝගය වැලදුනු පුද්ගලයින් ඇතිවිය හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය පවසා සිටියි.
ඩෙංගු රෝගයට අමතරව මේ දිනවල වෙනත් වයිරස් රෝගයන්ද සුලු වශයෙන් පවතින බැවින් වඩාත් පරිස්සම් වන්නැයිද ඇය ඉල්ලා සිටියි.







