මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරයගොඩයාය ප්‍රදේශයට අනවසරෙන් ඇතුල්වීමේ චෝදනාවකට පොළොන්නරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හයදෙනෙකු අද (07 )පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට පනස්පන් දහස බැගින් වූ රුපියල් තුන්ලක්ෂ තිස්දාහක, දඩ මුදලක් ගෙවන ලෙසට පොළොන්නරුව මහේස්ත්‍රාත් යු.ඒ.එස්.කේ. වික්‍රමරත්න නියෝග කළේය.
අනවසරයෙන්ම ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට හවුලේ ඇතුල්වීම සහ රැඳී සිටීම, ඒ තුළ අඩිපාරක් තැනීම සහ භාවිතා කිරීම, ගිනිපත්තු කිරීම සහ, පිහියක් සන්තකයේ තබා ගැනීමේ වරදට එම සැකකරුවන් ඉකුත් තිස් වෙනිදා පොළොන්නරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර 07 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව තබාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19,29,30,42,30.35 යන වයස්වල පසුවන්නන් බව පොළොන්නරුව වන සත්ව අඩවි සහකාර එන්.බී.ඒ.එස්. නාලක අප කළ විමසීමකදී සඳහන් කළේය.
සැකකරුවන් සිව්දෙනා පොළොන්නරුව අඩවි ආරක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්ච විසින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අතර අදාළ සැකකරුවන් වන සත්ව අඩවි සහකර, ආර්.ආර්,ශාන්ත, එන්.බී. ඒ.එස් නාලක, ඒ .ඒ. සේනාරත්න යන නිලධාරී විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.