මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අරලගංවිල යාය හතර ප්‍රදේශයේ අද ( 05 ) අලුයම විදුලි සැර වැදීමෙන් වන අලියකු මියගොස් ඇති බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.
විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති වන අලියා අවුරුදු හතළිහක් පමණ වයසැති පිරිමි සතෙකු බවත්, මෙම විදුලි රැහැන් ඇදීම්ට සම්බන්ධ, අරලගංවිල යාය හතර ප්‍රදේශයේ43 වියති පුද්ගලයෙක් ගත් බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක වඩබ්ලිව්. ජී. වීරසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
ගෙවත්ත වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම අලියා දැටැටී ඇති අතර, මියගිය අලියා ආසන්නයේ විදුලි රැහැන් සැකකාර පුද්ගලයා විසින් නිවසේ සඟවා තිබිය දී අඩංගුවට ගෙන ඇත.
ඔහු 06 වෙන් වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වන අඩවි නිලධාරීවරයා කීවේය.
වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ඇතුළු වන ජීවී නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත බවද පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.







