අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (04) රාත්‍රියේ මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තෙල්දෙණිය සියඹලාගස්තැන්නේ පදිංචි දෙදරු මවක මරණයට පත්ව තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ සිටි ආර්. එම්. නිර්මලා රත්නායක නැමැති 36 හැවිරිදි කාන්තාවකි.
පවුලේ සෙසු සාමාජිකයන් වෙළඳ සැලෙන් ඉවතට පැමිණ ඇති අතර වෙළෙඳසලෙන් පිටවිමට නොහැකි වූ කාන්තාව කඩා වැටුනු පස් කන්දට යටවී තිබේ. බැකෝ යන්ත්‍රයක් යොදා පස් ඉවත් කොට පස්කන්දට යට වූ තැනැත්තිය ඉවතට ගන්නා විටත් ඇය මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රකාශ ය කළේය.
දිගින් දිගටම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවදානම් සහිත ස්ථාන හඳුනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කටයුතු යොදා තිබේ.
අවදානම් සහිත ස්ථාවල පදිංචිකරුවන් විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.









