ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය වූ ඩොලර් මිලියන 330ක මුදල නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ.
දෙවන ණය එලෙස මුදාහැරීමට එකඟතාව පළවී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් පසුගියදා මෙරටට පැමිණ ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අනතුරුවය.
ණය වැඩසටහනේ පළමු සමාලෝචනය නිමා වනවිට දෙවැනි ණය වාරිකය මුදා හැරීම සඳහා වූ කොන්දේසි සපුරා නොතිබීම සම්බන්ධව රජය සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග යම් විසංවාදයක් ඇති වී තිබිණි.
සමාලෝචනය අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රි ලංකා ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කළේ ණය වැඩසටහනේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ශ්‍රී ලංකාව, ණය ගෙවීමට ඇති රටවල එකඟතා සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ප්‍රතිපත්තිමය කරුණු මත තීරණය වනු ඇති බවය.