කීර්ති ප්‍රනාන්දු-
විදුලි බිල වැඩි වුව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි .
විදුලි බිල 18% කින් වැඩි වීම තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපාන බව පවසන සභාපතිවරයා පාරිභෝගික ජනතාව ද මේ වන විට දැඩි ආර්ථික පීඩනයකින් පසුවන බවත් එම නිසා අඩු මිලට පාන් කෑල්ලක් හෝ කන්න ඇති සහනය ජනතාවට අහිමි නොකරන බවත් හෙතෙම පැවසීය .
එම නිසා විදුලි බිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බැවින් දැනට පවතින මිල ගනන් යටතේ එම නිෂ්පාදනයන් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි බවද ඔහු වැඩිදුරටත් කීය







