ගාසා තීරය වටා බලමුළු ගන්වා ඇති ඊශ්‍රායල සොල්දාදුවන් මීළඟ අදියරේ මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් අද (14) උදෑසන වීඩියෝ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
“ඔවුන් ගාසා තීරය වටා, දකුණේ, මධ්‍යයේ සහ උතුරේ ස්ථානගතව සිටිනවා. ඔවුන් තමන්ට ලැබෙන ඕනෑම ඉලක්කයකට, කුමන කාර්යයකට වුවද වුවද එළඹීමට ඔවුන් සූදානම් වෙමින් ඉන්නේ.” ඊශ්‍රයාල් හමුදා ප්‍රකාශකවරයා කියා ඇත.

දහස් ගණන් පලස්තීනුවන් ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් මේ වනවිට පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය කියයි. අපේක්ෂිත ඊශ්‍රායල ප්‍රහාරයේ මාවතෙන් පලා යමින් සිටිය දීත් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරවලින් ප්‍රදේශයට එල්ල වෙමින් තිබේ. ඔවුන් ජනතාවට ඉවත්වී යෑම සදහා මාර්ග දෙකක් විවෘතව තබන බව ප්‍රකාශ කර ඇත.
ගාසා තීරයේ උතුරු කොටසේ විශාලම ජනාවාස නරගය වන ගාසා නගරය ඇතුළත් ගාසා තීරයේ උතුරු අර්ධයේ මුළු ජනගහනයම දකුණු දෙසට ගමන් කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සෙනසුරාදා උදෑසන වනතුරු කාලය ලබා දී තිබිණි. අද සවස 4.00 දක්වා ප්‍රධාන මාර්ග දෙකකින් පලා යන පලස්තීනුවන්ගේ ආරක්ෂාව සහතික කරන බව ඊශ්‍රයාලය කීවේය.

කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඉවත් වීමට නියෝග කර ඇති ප්‍රදේශයේ කොටසක්වන ගාසා නගරයේ ටෙල් අල්-හවා යාබද නේවාසික ප්‍රදේශය වෙත ඊයේ රාත්‍රියේ දී යුධ ගුවන් යානා බෝම්බ ප්‍රහාර එලල්ල කළබවට සමාජ මාධ්‍ය වේදිකාවල එහි නිවැසියෝ චෝදනා කර තිබුණහ .







