ශ්‍රී ලංකා කණ්ඩායම ආණ්ඩුවේ ඉස්පිරිතාලයක ඕපීඩී එකක් දැයි සිතෙන තරමට අබාධයට ලක් වීම් වැඩි වී ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධයට ලක් වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය තුළ ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ගැටුමට මේ නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ සහභාගී නොවනු ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වූයේ නැත.
මේ ආබාධයට ලක්වීම් වාර්තා වූයේ පළමු පුහුණු තරගයේ දී ය. කුසල් ජනිත් ගේ බාගයට හොඳ වී තිබූ උරහිස් ආබාධය තරගය අතර මතු විය. ඔහු තවමත් පූර්ණ සුවයක් පෙන්නුම් නොකරන බව පකිස්ථානය සමග තරගයේ දී කඩුළු රැකීම සධීර සමරවික්‍රම වෙත භාරදීමෙන් පෙනේ.
වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් ශතකය අභිබවා ගිය කුසල් මෙන්ඩිස් දැවී යෑමෙන් පසු කෙළින්ම ගියේ ක්‍රීඩාගාරයට නොව රෝහලටය. උදරාබාධයක් ගැන කියැවිනි.
වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කණ්ඩායම තෝරනවිටම සිටියේ අබාධිතවය. මහීෂ් තීක්ෂණත් ආබාධිතව සිට තරගාවලිය මැදදී එක් වූ ක්‍රීඩකයෙකි.
කෝටි ගණන් වියදම් කරමින් ක්‍රිඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරිම සඳහා විශේෂ ඒකක පිහිටුවා කරන්නේ මොන කුණුහරපයක් දැයි ප්‍රශ්න කරන තරමට ක්‍රීඩාවේ ඇතුලාන්තය දූෂණ ගොහොරුවකින් කුණු වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ශාරීරික යෝග්‍යාතාවය නැතිව ඕමි බැලිය හැකිය. දාන් ඇද්ද හැකිය. පංචා කෙළියත් පුලුවන. ඒත් ක්‍රිකට් ගහන්නට නම් බැරිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ආවේ ඕමි ගහන්න ද?