බීඩි කොළ ඔතන ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 14ක කප්පමක් ඉල්ලා පසුව බලහත්කාරයෙන් ලක්ෂ 10ක මුදලක් ලබා ගත් බවට චෝදනා කර එම පුද්ගලයා තංගල්ල සුරාබදු ඒකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කීප දෙනෙකුට එරෙහිව පළස්මුල්ල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
වලස්මුල්ල මාරකැටිය ප්‍රදේශයේ පදිංචි කේ.පී.නිශ්ශංක නැමති මෙම පැමිණිලිකරු ස්වකීය පැමිණිල්ලෙන් දක්වා සිටින්නේ පසුගිය 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තම කර්මාන්තය කරන ස්ථානය වැටලූ බවය.
කර්මාන්තය සඳහා ලබා දී තිබුණු බලපත්‍රය කල් ඉකුත් වී මාස තුනක් ගතවීම නිසා තංගල්ල සුරාබදු ඒකකය විසින් නිවසේ තිබුණු බීඩි කොළ මුලින්ම ඔවුන් භාරයට ගෙන නඩු නොපවරා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට රුපියල් ලක්ෂ 14ක අල්ලසක් ඉල්ලා සිටි බව පැමිණිලි කරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ පසු පැමිණිලිකරුව ත්‍රී රෝද රථයකින් පැහැර ගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් සුරාබදු නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ලබා ගත් බව පැමිණිල්ලේ දැක්වේ.
වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.