අධික වර්ෂාව සහ සුළං තත්ත්ව හේතුවෙන් මීට ස්වල්ප වෙලාවකට පෙර බම්බලපිටි දුම්රිය නැවතුම්පලේ වහලය බිඳවැටීම හේතුවෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇත.
දුම්රිය ස්ථානයේ මුහුද දෙසට මුහුණ ලා පිහිටි දෙවැනි වේදිකාවේ පියස්ස ගැලවී ඇස්බැස්ටස් තහඩු බිඳ වැටීම නිසා දුම්රියට ගොඩවීමට සිටි මගීන් මේ ලෙස තුවාල ලබා ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ දුම්රිය පියස්ස බිඳවැටී ඇති ආකාරයයි.







