ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ විශේෂ ස්නායු ප්‍රතිකාර එකකයේ පවතින MRI යන්ත්‍රය සිසිලන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇත.
මේ හේතුව මත දිවයිනේ සියලුම රෝහල්මගින් යොමුකරන රෝගීන්ගේ විශේෂ ස්නායු පරික්ෂණ මුළුමනින්ම නතර වි ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
දිනකට රෝගීන් 25කගේ පමණ ස්නායු පරික්ෂණයන් මෙම යන්ත්‍රය මගින් සිදුකර අවශ්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කරන බවද පැවසේ.
මෙම යන්ත්‍රය නඩත්තු කරන සමාගමට අදාල ගෙවීම් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවා නොමැති බැවින් ඔවුන් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා නොපැමිණෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ MRI යන්ත්‍ර 4ක් පවතින අතර ඉන් එක් යන්ත්‍රයක් අලුතින් ඉදිකළ බාහිර රෝගී අංශයේ ස්ථාපිත කර තිබේ. නමුත් එයට දත්ත ඇතුලුකරමින් පවතින බැවින් පරික්ෂණයන් සිදුකිරිමට තවත් කාලයක් ගතවනු ඇති බව ලංකාසර කළ විමසුමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය..
අනෙක් MRI යන්ත්‍ර දෙක ස්නායු ශල්‍ය අංශයේ සහ අපස්මාර ඒකකය තුළ ස්ථාපිත කර ඇත.