පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ලොරි සහ ට්‍රක් රථ ආනයනය සඳහා ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ සිට අවසර හිමිවීමත් සමග ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට මේ වනවිට රේගුවේ රඳවාගෙන ඇති පොදු ප්‍රවාහන කාණ්ඩයට අයත් වාහන ද නිදහස් කරගැනීම සඳහා අවසර හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒ, පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය කිරීමට ලබාදුන් අවසරය යටතේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස රඳවාගෙන ඇති රේගු ප්‍රකාශන ලබාදී නොමැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදාගත හැකි බවය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැලිකසල ඉවත් කිරීම සඳහා යොදා ගන්නා ලොරි, ගිනිනිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ සඳහා ද මේ යටතේ අවසර හිමි වන බවය.
බස් රථ ආනයනය සඳහා අවසර ලබාදීම, මගී ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හේතුවනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. – දෙරණ







