රනිල් සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න කීවාය.
අද (15 ) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කීවේ රනිල් සජිත් පමණක් නොව මුළු රටේම පක්ෂ නායකයින් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් එළඹ ඇති බවය.
මන්ත්‍රීවරිය පැවසුවේ මේ මොහොතේ රනිල් සහ සජිත් එකතු වී ගමනක් යා යුතු බවට මහජනතාව මතුකරන අදහස සාධාරණ බැවින් තමන් ද අනුමත කරන බවය.
රනිල් ගේ මෙන්ම සජිත් ගේත් හොඳ නරක තිබෙන බව ඇය කීවාය.
සෙසු පක්ෂ නායකයින් තුළද එම ලක්ෂණය දැකිය හැකි බව කී මන්ත්‍රීවරිය ජාති, ආගම් හා පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25 ක් සඳහා හෝ සියලුම පක්ෂ එකතුවී සකසන ජාතික සැළසුමක් රටට අවශ්‍යයැයි ද ඇය පෙන්වා දුන්නය.







