බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය පවරන්නේ කුප්‍රකට ඉන්දියානු සමාගමට ද?. හොර පාරෙන් තෝරාගත් සමාගමකට ද?. අනුර පාර්ලිමේන්තුවේ දී අසයි!

ජාතික ආරක්ෂාව සහ රටේ ස්වෛරීත්වය අනතුරේ හෙළමින් ඉන්දියාව සමග කරන ගනුදෙනුව ගැන අනුර විමසයි...

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ ලන්සු කැඳවීමේ  දී ඉදිරිපත් කර  ඇති පිරිවිතරයන් අනුව මේ වනවිට   සුදුසුකම් සපුරා ඇති  එකම සමාගම වූ ඉන්දියාවේ  මැඩ්‍රාස් සිකියුරිටි සමාගම මත්පැන් ස්ටිකර මුද්‍රණ ක්‍රියාවලියේ දී බරපතල ලෙස ශ්‍රී ලංකාවටත් වංචා කළ ලෝක මට්ටමේ දී අවස්ථා ගණනාවක අසාධු ලේඛණ ගත වූ කුප්‍රකට  සමාගමක් බවත් මේ තත්ත්වය තුළ   ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්කරමින්  මේ සමාගම සමග ගනුදෙනු කිරීමට සිදුවහොත් එය බරපතල තත්ත්වයක් බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම ටෙන්ඩර් කැඳවීමේ අවසන් දිනය අතාර්කික ලෙස    අවස්ථා ගණනාවක් දීර්ඝ කරමින් ඇත්තේ    තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින්  එම ටෙන්ඩරය ලබා දීමට දැයි ඔහු විමසුවේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳව මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නය මෙසේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලියේ අක්‍රමවත්භාවය හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දත්තවල පෞද්ගලික ආරක්ෂාව සහ පුරවැසි දත්ත පද්ධතියේ ප්‍රවේශය වෙනත් රටකට පැවරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්වීමේ ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාව ‘ස්මාර්ට් ජාතියක්’ බවට පත් කරන බව කියමින් සැලසුම් කරන ලද ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අවදියේ පවතිනවා. සමස්ත ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම රුපියල් බිලියන 41.05ක් වන අතර එයින් රු. බිලියන 22.33ක ප්‍රමාණයක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් වනවා. ඉතිරි මුදල දැරිය යුතු වන්නේ ශ්‍රී ලංකා රජයයි. එම රු. බිලියන 18.72ක මුදල සොයා ගැනීම අර්බුදයක් වන බැවින් වියදම් අඩු කරගනිමින් රු. බිලියන 10.73ක ශ්‍රී ලංකා දායකත්වයෙන් 2024 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වුවද මෙහි ගැටලුකාරී තත්වය වන්නේ ව්‍යාපෘතියේ ප්‍රධානතම කොටසක් වන ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියයි. 2021 ජූලි මාසයේ ආරම්භ කරන ලද ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමේ කටයුත්ත අවසන් වී එයින් වසර 02කට පසුව 2023 මැයි 08වැනි දින ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ කරනු ලැබුවා. මෙහිදී ටෙන්ඩර් අවසන් කරනු ලබන දිනය ලෙස සඳහන් වූයේ 2023 ජූලි 03වැනි දිනයි. පසුව එය අගෝස්තු 14 දින දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව එම අවසන් කරනු ලබන දිනය ජූලි 18 දින දක්වා අඩු කරනු ලැබුවා. ඉන් පසුව නැවත එම දිනය අගොස්තු 01වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව එය තවත් දිනකින් දීර්ඝ කොට අගොස්තු 02වැනි දින දක්වා කල් තබනු ලැබුවා. මෙම කාලය අඩු වැඩි කිරීම් තුළ පවා යම් සැක සහිත චලනයක් හඳුනා ගත හැකියි.

අගෝස්තු 02වැනි දින ටෙන්ඩරය අවසන් වෙද්දී ලන්සු පත්‍රිකා මිලදී ගෙන තිබූ 07දෙනෙක් අතරින් තමන්ගේ මිල ගණන් සහිත ලන්සු ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ආයතන 02ක් පමණයි. මෙම තත්වය ඇති වූයේ ටෙන්ඩරයට අදාළව දැඩි පිරිවිතර කොන්දේසි සහ විශේෂයෙන් ඉන්දියානු පද්ධති මෙහෙයුම්කරුවන්ට පමණක් සම්පූර්ණ කළ හැකි තාක්ෂණික තත්වයන් ඇතුළත්ව තිබූ නිසා බව සඳහන් වනවා. විශේෂයෙන් පදනම් හැඳුනුම්පත් (ත්‍දමබා්එසදබ්ක ෂෘ) ව්‍යාපෘතියක් සතු වීම යන කොන්දේසිය ඉන්දියාවෙන් පිටත සමාගම්වලට නව සංකල්පයක් බව ප්‍රකාශ වෙනවා. එසේම අසීමිත වගකීම් පිළිබඳ කොන්දේසියද බොහෝ ඉල්ලුම්කරුවන් ඉවත් කිරීමට හේතු වූ බව පැවසෙනවා.

අවසානයේ ලන්සු ඉදිරිපත් කොට ඇත්තේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සහ ප්‍රෝටීන් යන සමාගම් ද්විත්වයයි. මෙයින් ප්‍රෝටීන් සමාගමද අපේක්ෂිත කොන්දේසිවල සඳහන් පදනම් හැඳුනුම්පත් ක්‍රියාවලියේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉවත් වීමේ වැඩි ඉඩක් පවතිනවා. අනතුරුව ඉතිරි වන ඉන්දියාවේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අපේක්ෂිත කොන්දේසි තුළ සිටියද ඔවුන් විසින් පිලිපීන රජය වෙනුවෙන් සිදු කළ හැඳුනුම්පත් ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව 2021 වසරේ පිලිපීන පුරවැසි කණ්ඩායමක් විසින්ද 2022 වසරේ පිලිපීන රජය විසින්ද නඩු පවරා තිබෙනවා. එසේම මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම මේ වන විටද ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු කිරීමට අදාළ කුප්‍රකට සමාගමක් වනවා.

පසුගිය 2016 කාලයේ මත්පැන් බෝතල්වල ඇලවීම සඳහා ස්ටිකරයක් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබුණේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමයි. එම ටෙන්ඩරයද මාස කිහිපයකින් අවලංගු කර නැවත වැඩි මිලකට එම සමාගමටම ලබා දීමේ සිදු වීමක් නිසා රජයට රු.බි. 1.2ක් පාඩු වූ බවටද චෝදනා එල්ල වී තිබුණා. එම ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් බිලියන 60ක සුරාබදු අහිමි වීමෙන් පාඩු සිදු වූ බවද පසුගිය දෙසැම්බරයේ අධිකරණ අමාත්‍යවරයා විසින්ම පාර්ලිමේන්තුවට අනාවරණය කර තිබුණා. එසේම බදු මඟහැරීම සඳහා එම සමාගම විසින් මත්පැන් නිෂ්පාදකයින්ට හොර රහසේ ස්ටිකර් අලෙවි කිරීමේ සිදුවීමක් කෙන්යාවෙන්ද වාර්තා වී තිබුණා. එසේම මේ වන විට කෙන්යාව, සුඩානය සහ ලයිබීරියාව ඇතුළු රටවල් ගණනාවක සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අසාදු ලේඛන ගත කරනු ලැබ තිබෙනවා.             

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ අවසන් දිනය අවස්ථා ගණනාවක් වෙනස් වූයේ ඇයි? එම කාල සීමා වෙනස්වීම යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදු වී තිබේද?
  2. ලන්සු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධ වී ඇති තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්වීමේ ගැටලුකාරී තත්වයක් පැන නොනගින්නේද? මෙම තත්වයට අදාළව ආණ්ඩුව සතු විසඳුම කුමක්ද?

අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
2023.08.11

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නියඟය උග්‍රයි… රටේ එක් ලක්ෂ හැට හය දාහක් බීමට දිය පොදක් නැතිව පිපාසෙන්!

Next Post

නිරායුධ මුස්ලිම් වැසියන් 221ක් පල්ලි තුළ කපා කොටා මරා අවුරුදු 33යි…  අම්පාර මඩකලපුව මිනිස්සු කළුකොඩි දමා අපරාධය සිහි කරති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.