පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 50,000කට අයත් 166,500ක ජනතාවක් පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට පත් වූ පිරිස් බහුතරයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ජීවත් වන බව ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
දිවයිනේ දිස්ත්‍රික්ක 13ක ජනතාවට පානීය ජල ප්‍රශ්නය මතු වී ඇති බව කී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ අගෝස්තු 01 වැනිදා සිට මේ ජල ගැටලුව උග්‍ර වී ඇති බව පැවසීය.
ආපදාවට ලක්වූ ප්‍රදේශවලට බවුසර් රථ යොදා ගනිමින් ජලය සැපයීම සිදුකරන බව ඩීඑම්සී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.