කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
අතර මැදි පංති වලට කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකාරියක වන හිටපු විදුහල්පතිනි පී.කේ.ආර් රණසිංහ මෙයට පෙර අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අතර මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් පසුගිය 05 දින එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ගම්පොළ පිහිටි විදුහල්පතිනිය ගේ නිවස ට හා ස්ථාන මරු ලැබ ඇය පැමිණි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවස්ථා කිහියක දී පොලීසිය ගියත් ඇය එම ස්ථාන වල ඇය නොසිටි බව පොලීසිය පවසයි.
ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයෙන් ඉවත් කළ පසු ඇය පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවය සඳහා වාර්තා කර ඇත්තේ එක් දිනක් පමණක් වන අතර ඇය අසනීප නිවාඩු ඉල්ලමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ද විශේෂ පරීක්ෂණයක් කරනු ලැබීය.
එහි වාර්තාව අනුව විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් නිකුත් කර තිබෙන අතර සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙතෙක් එය ඇයට බාර දීමට නොහැකි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි ගේ උපදෙස් මත පොලිස් සැරයන් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.







