හැටන් රන්ජිත් රාජපක්ෂ –
අස්වැසුම් ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා බැංකු ගිණුම් ආරම්භ කිරිමට වතුකරයේ ප්‍රතිලාභින් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ඉදිරිපිට අද (26) දින අලුයම සිට පෝලිම්වලය.
ප්‍රදේශයේ පවතින වැසි නොතකා ඔවුහු දිගු පොලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.
දින ගණනාවක් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පොලිම්වල රැඳී සිට බැංකු ගිණුම් ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාගත් බවත් ඔවුන් යළිත් පෝලිම්වලය.
ඒ බැංකු ගිණුම් ආරම්භ කිරිමටය. නැති බැරිකම නැති කරන්නට හදන අස්වැසුම මේ තරම් වේදනාවක් බව ඔබ දැනගත යුතුව තිබේ.







