බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොකාවිල් කඳවුරේ උද්ඝෝෂණයට සෙබලියන් සම්බන්ධයි නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා… හමුදා මාධ්‍ය ප්‍රකාශක!

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොකාවිල් හමුදා කඳවුරේ කාන්තා සෙබලියන්ගේ ස්ථාන මාරුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදෙන්නේ ශ්‍රි ලංකා යුද හමුදාවේ 4වන කාන්තා බලකායේ සෙබලියන්ගේ ඥාතීන් සහ ඔවුන් සම්බන්ධව උන්නදුවක් දක්වන පිරිස් බවත් මෙම උද්ඝෝෂණයට කාන්තා සෙබලියන් සම්බන්ධ වී සිටින්නේ දැයි  සොයා බලාන බවත්   යුද   හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ   බ්‍රිගේඩියර් රවී හේරත් ලංකාසරට පැවසුවේය.

ඔහු ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යන බවය. විරෝධතාවයට සෙබලියන් සහභාගි වී  සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහි හමුදා විනය පටිපාටියට අනුව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්  මෙසේ ද පැවසුවේය.

“යුද්ධයෙන් පසුව හමුදාව ප්‍රතිව්‍යූහගත කිරීමක යෙදී සිටිනවා. කොවිඩ් වසංගතය වැනි හේතු නිසා ඒ කාර්ය නරත වෙලා තිබුණේ. දැන් ඒ කාර්ය කෙරෙමින් පවතිනවා.”

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“එහිදී ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළ බලඇණි මූලාස්ථාන, සේනාංක මූලස්ථාන,බලසේනා මූලස්ථාන, වෙන වෙන තැන්වලට ස්ථානගත වීමට නියමිතයි. ඕනෑම රටක හමුදාවකමේ වෙනස්කම් සිදු කිරීම සාමාන්‍යයයි. “

“දැන් මේ ගැටලුව පැන නැඟී තිබෙන පිරිස ප්‍රාදේශීය වශයෙන් යුද්ධයෙන් පසුව ඒ ඒ පළාත්වලින් බඳවා ගත් පිරිසක්. ඔවුන් බඳවා ගනිද්දි තමන්ගේ ප්‍රදේශයේ ළඟම තිබෙන කඳවුරෙහි සේවය කිරීමට ඔවුන්ට අවස්ථාවක් දී තිබුණා.”

“මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා 4 වන කාන්තා බලකායේ. ඒ බලඇණි මූලස්ථානය ස්ථානගත වී තිබ්බේ කිලිනොච්චියේ කොකාවිල්වල. ප්‍රතිව්‍යූහගත කිරීම තුළ කොකාවිල්වල පිහිටි  4 වන කාන්තා බලඇණි මූලස්ථානය මැදවච්චියට ගෙන ඒමට නියමිතයි. “

“ප්‍රාදේශීය බඳවාගත් පිරිස කෙරේ ගෙන ඇති තීරණය වන්නේ එම නිලධාරිනයන් ඔවුන්ගේ ප්‍රෙද්ශයේ ළඟම තිබෙන කඳවුරකට අනුයුක්ත කරන එක. එහි සේවය කරපු අයට එයින් වාසියක් වෙන්නේ. මෙහි සේවය කලේ පිටතවාසි සෙබළියන්. එනම් උදේ රාජකාරියට ඇවිත් හවස තමන්ගේ නිවසට යන පිරිස. මේ තීරණය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඔවුන්ට තමන්ගේ නිවස පිහිටි ප්‍රදේශයේ ළඟම ඇති කඳවුරේ ඔවුන්ට සේවය කරන්න පුළුවන් වන නිසා ඔවුන්ට තමන්ගේ කාලය මුදල් ඉතිරි වෙනවා. “

“මේ තොරතුර මේ සෙබළියන්ට ගිහින් තිබෙන්නේ වැරදි විදිහටයි. ඔවුන් හිතාගෙන ඉන්නේ බලඇණි මූලස්ථානය යන විට ඔවුන්ටත් යන්න වෙනවා කියන එකයි. නමුත් එහෙම දෙයක් සිදු වන්නේ නෑ.”

“දැනට ලැබෙන තොරතුරු අනුව මේ විරෝධතාවයට සම්බන්ධ වෙලා ඉන්නේ සෙබලියන්ගේ ඥාතීන් සහ උනන්දුවක් දක්වන පිරිස් බවයි දැනගන්නට ඇත්තේ.  යුද හමුදා පුද්ගලයන් මීට සම්බන්ධ නම් වහාම ඔවුන්ට එරෙහිව හමුදා විනයට අනුව ක්‍රියා කරනවා…” හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ මේ විරෝධතාවය දක්වන  කණ්ඩායම දේශපාලන කාරණා මත පදනම් යුද හමුදාවට බඳවා ගත් දෙමළ තරුණියන්  පිරිසක් බවය. මේ ක්‍රියාවලියට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර  හමුදා අධිකරණයකට යොමුකිරීමෙන් අනතුරුව දඬුවම් ලබා නොදෙන්නේනම් එය ඉතා නරක පූර්වාදර්ශයක් විය හැකි යැයි ආරක්ෂාව පිළිබඳ වෘත්තීකයෝ පෙන්වා දෙති.

වාර්තාවන පරිදි මෙම විරෝධතා ව්‍යාපාරයට සක්‍රීයව එක් වෙමින්  යුද හමුදා සෙබලියන් සැලකියි යුතු පිරිසක් වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වසංගතයක් වේදැයි නොදන්නා නිසා කොවඩ් මර්දන උපදෙස් අනුගමනය කරන්න -PHI සංගමය

Next Post

WhatsApp අලුත් වෙයි – සංවාද ලොක් කළ හැකි නව විශේෂාංග!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.