ශ්‍රියානි විජේසිංහ –
බස්නාහිර පළාත් තුළ නිවාස 100කින් 15කම ඩෙංගු රෝගීන් සිටින බව කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක්ම වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් මදුරුවන් මදුරුවන් බෝවන ස්ථානයන් විනාශ කිරිමට කටයුතු නොකළහොත් ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි බවත් එම සංගමය කියයි.
මේ අතර බස්නාහි පළාතේ අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ පාසල් පරිසරය ඩෙංගුවලින් තොර කලාපයන් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
කොළඹ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන් ඩ්‍රෝන තාක්ෂණයෙන් නිරීක්ෂණ කර මදුරු කීටයන් විනාශ කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.







