අත්තනගලු ඔයේ ශාඛාවක්වන දී ඇල් ඔයේ වේයන්ගොඩ මැදවත්ත ප්‍රදේශයෙන් දිය නාන්නට ගිය තරුණ යුවලක් ඊයේ (07) දියේ ගිලී අතුරුදහන්වී තිබේ.
විවාහ ගිවිසගෙන සිටි මේ තරුණයා සහ තරුණිය දෙදෙනාම අවුරුදු 19 හි පසුවන්නන්ය.
වේයන්ගොඩ පොලීසිය පවසන්නේ තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. තරුණිය කුඩාඔය ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අතුරුදහන්වූ යුවල සොයා වේයන්ගොඩ පොලිස් නිලධරින්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් දියත් කර ඇත.







