බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තර බරට විකුණන ගැසට් එක නිකුත් වෙනකම් අපි දන්නේ නෑ… හිතූමතේ ගහන ගැසට් ප්‍රායෝගික වෙන්නෙ නෑ… බිත්තර නිශ්පාදකයෝ කියති!

by editor
අප්‍රේල් 20, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අද (20) සිට ක්‍රියාත්මකවන පරිදි බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඇති වී තිබෙන ගැටලුවට කිසිම සාධාරණ විසඳුමක් ඉදිරිපත් කර නැතැයි බිත්තර නිශ්පාදකයෝ පෙන්වා දෙති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  මගින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව සුදු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 880කි.  දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 920කි.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්  සහ දුඹුරු බිත්තරය උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක පවසන්නේ මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර නිශ්පාදකයින් සමග කිසිම සාකච්ඡාවක් පැවැත්වීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බවය.

බිත්තර බරට විකුණන ලෙස මුලින්ම යෝජනා කළේ බිත්තර නිශ්පාදකයින් බවත් එසේ ඉල්ලීමක් කළේ නිශ්පාදකයාට සහ පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් කළ හැකි ක්‍රමවේදයක් ඉන් ඇතිකළ හැකි නිසා බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් සිදුවී ඇත්තේ රජය නියම කළ රුපියල් 44ක සහ රුපියල් 46ක මිල ඒ අයුරින්ම පවතින ලෙස බිත්රයේ බර මධ්‍යයන අගයකට ගෙන බර සදහා ගැසට් නිවේදනය නිකුත් කිරීම බවය.

“ මේ බිත්තර කිලෝ එකක් තව රුපියල් 20ක් වැඩි කළා නම් නිශ්පාදකයා සහ පාරිභෝගිකයා කියන දෙපාර්ශවයම රැකෙනවා.  ඉන්දියානු බිත්තරයක සාමාන්‍ය බර ග්‍රෑම් 35යි… අපේ බිත්තරය බර ග්‍රෑම් 50යි..  ග්‍රෑම් 40  සිට 55 දක්වා බරක් අපේ බිත්තරවල තියනවා.”

“ රජය ගැසට් නිවේදනයක් නිකුත් කළාම අපට ඊට එරෙහිව කතා කරන්න බෑ… ඒත් අපි කියන්නේ වෙළෙඳපල තත්ත්වය මීට වඩා වෙනස්. එතකොට ගැසට් ගැහුවට ගැසට් නිවේදන ප්‍රායෝගික වෙන්නේ නෑ…”

සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ  සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොඩිකාමම් පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යයි!

Next Post

ප්‍රමාද වී හෝ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බව තේරුම් ගැනීම සතුටුයි… මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.