අනුරාධපුර ශික්ෂණ රෝහලට සම්බන්ධ ළමා රෝග පිළිබඳව මහාචාර්ය ඒකකයේ වාට්ටුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ පාලන අධිකාරිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රෝහලේ මහාචාර්ය ඒකකයට අනුයුක්ත ව කටයුතු කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා එකම කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරියකට ආවරණ රාජකාරී පවරමින් විදේශ ගත වීම සහ ඔවුන් පොරොන්දු වූ ලෙස යළි මෙරටට නොපැමිණීම හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව ලංකාසර වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ මෙම මහාචාර්ය ඒකකයට අනුයුක්ත ව කටයුතු කළ වෛද්‍ය පීඨා කථිකාචාර්යවරුන් ද වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනිත් චන්ද්‍රකුමාර සහ ෂම්මි රත්නසිරි යන වෛද්‍යවරුන් එකිනෙකාට සිය රාජකාරී ආවරණය කරන බව ට එකඟතාව ඇති කරගෙන විදේශ ගත වීම සඳහා අනුමැතිය අපේක්ෂා කර ඇති අතර මේ බව දැන දැන රජරට වෛද්‍ය පීඨය ඔවුන්ට විදේශ ගත වීම් අනුමත කර ඇති බවය.
ඒ වෙනුවට එම ඒකකයට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විශ්‍රාමික මහාචාර්යවරුන් වන මහාචාර්ය දේවන් මෙන්ඩිස් සහ මහාචාර්ය අරඹෙපොළ බඳවාගෙන ඇති අතර ඊට අමතරව මෙම ඒකකයට අනුයුක්තව සහය විශේෂඥ වෛද්‍යවරියක් කටයුතු කර ඇත.
විශ්‍රාමික මහාචාර්යවරුන් දෙපළගෙන් එක් මහාචාර්යවරයකු මාස තුනක නිවාඩු ගැනීමත් අනෙක් මහාචාර්යවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා නිවාඩු ගැනීමත් සිදුව ඇති අතර වාට්ටුව වෙනුවෙන් ඉතිරිව සිටි එකම විශේෂඥ වෛද්‍යවරියටද තමන්ට අනිවාර්යනේ සම්පූර්ණ කළ යුතු විදෙශ පුහුණුව සඳහා යාමට සිදුව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත සඳහන් කළේ වෛද්‍ය ජනක චන්ද්‍රකුමාර සහ වෛද්‍ය ෂම්මි රත්නසිරි නිදහස් කිරීමට වෛද්‍ය පීඨය වගකීමෙන් යුතුව සිදු කර නැති බවය.
වෛද්‍ය වෘත්තියට එලඹෙන විට රෝගී සතක්කාර වෙනුවෙන් වගවීම සහ වගකීම පිළිබඳව දිවුරුම් පෙත්සමක් මඟින් දිවුරන බවත් ඒ අනුව මෙම වෛද්‍යවරුන් රෝගී සත්කාර පිළිබඳව වගවීම සහ වගකීම බැහැරලමින් ක්‍රියා කර ඇති ව ටත් මෙමඅ අමාත්‍යංශ නිලධාරියා චෝදනා කළේය.
ඔවුන් යළි සේවයට එන පොරොන්දුව මත විදේශ ගත වුවද ඔවුන් සිය විදේශ ගත වීමේ නිවාඩුව අවසන්ව ශ්‍රි ලංකාවට නොපැමිණන්නට තීරණය කර ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය හේතුවෙන් රෝහලේ කටයුතු අකර්මණ්‍ය වී ඇති අතර ආවරණ රාජකාරී භාර ගත් වෛද්‍යවරියටද සිය අනිවාර්ය විදේහගත පුහුණුව සඳහා යාමට සැලකිය යුතු කාලයක් ප්‍රමාද වී ඇත.
මේ පිළිබඳව ලංකාසර රජරට වෛද්‍ය පීඨාධිපති වෛද්‍ය ජානක පුෂ්පකුමාරගෙන් ද විමසූ අතර ඔහු එහිදී සඳහන් කළේ මෙම විදේශ ගත වෛද්‍යවරුන් දෙදෙනා එකිනෙකාට රාජකාරී ආරණය කරගන්නා බව සඳහන් කරමින් විදේශ ගත වූ බව ට පැතිරෙන කතාව අසත්‍යයක් බවයි.
කෙසේ වුවද මෙම වෛද්‍යවරුන් සිය පුහුණුව අවසන් කර ආපසු පැමිණෙන බවට වූ පොරොන්දුව මත වෛද් වරුන් දෙදෙනාගේම ආවරණය එක් වෛද්‍යවරියක භාරගෙන ඇති පසුබිමක ඔවුන්ට විදේශ ගත වීමට අවසරය ලබා දුන් බවත් මෙම තීරණය ගත්තේ තමන් තනිවම නොව වෛද්‍ය පීඨ උපදේශක මණ්ඩලයද සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඔහු ප්‍රකාශ කළේය







