රජයට ඡන්දය තියාගන්න සල්ලි නැතිමුත් මන්ත්‍රිවරුන් බිලී බා ගන්න මුදල් ඇති බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙදහසක මුදලක් දීමට රජය සූදානම් බව ආරංචි වූ බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
ඊයේ (31) සවස දෙහිවල පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ ලක්ෂ දෙදසහකට නොව, කෝටි පනස් දහසකට හෝ මිලදී ගත හැකි මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවය.
විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.
එක පැත්තකින් මිනිස්සුන්ට පන්න පන්න පහර දෙනවා. තවත් පැත්තකින් මිනිස්සුන්ගේ ජන ජීවිතය විනාශ කරනවා. තවත් පැත්තකින් වෘත්තීය සමිති ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න ත්රස්තාවදය වැලැක්වීමේ පනත නිර්මාණය කරනවා. අනෙක් පැත්තෙන් මේ රටේ ප්‍රධාන විපක්ෂය විනාශ කරන්න උත්සාහ කරනවා.
මට ආරංචියි මේ රටේ එක් මන්ත්‍රීවරයෙක් මුදලට බා ගන්න සූදානම්ලු මිලියන 200කට. මොනවටද. රට හදන්න ද. නෑ… පැති මාරු කරන්න. විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට යන්න.
මම දන්නෙ නෑ මේ ආණ්ඩුවට පිස්සුද කියලා. දැන් වෙන්නෙ ආණ්ඩුවෙන් ගැලවෙමින් විපක්ෂයට එකතු වෙන එක.
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාව සිටි එක්තරා කාලයක මට මතකයි රාජපක්ෂලගෙන් බේරගන්න පිටරට යනවා. මන්ත්‍රීවරු ගණනාවක් පිටරට යැව්වා.
විපක්ෂ නායකවරයා කීවේ ලක්ෂ දෙදාහකට නොව කෝටි පනස් දහසකටවත් අලෙවි වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවය.