අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම ඉන්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවෙයි ! ජනපති කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සේනාධිනායක ලෙස, අද (01) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තමා විවේචනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති මූත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හරි දේ කිරීමට සියලු දෙනා ඉගෙන ගත යුතු අතර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ රට වෙනුවෙන් හරි දේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීමට බව ද පැවසීය.

එය උදාහරණයක් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් ගියහොත් වසර 25 කට පෙර රට තුළ දැවැන්ත සංවර්ධනයක් උදාකර හැකි බව ද කියා සිටියේය.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිරන්තරයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

ඔවුන් එලෙස තම වගකීම ඉටු නොකළානම් මේ වන විට ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යක් වීමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ලෝක බලවතුන් අතර මේ වන විට පවතින තරගය ඉන්දියන් සාගරයට දැඩිව බලපාන බවත් ඉන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අතීතයේ පැවති යුධමය තත්ත්වයන් මෙන් නොව අනාගතයේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වයන් තාක්ෂණය සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝග ජය ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත්, අපගේ ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කරමින් Defense 2030 වැඩසටහන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය, සාමය සහ අධිකරණ අමාත්‍යවරයාට තමා උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදා පති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , පොලිස්පති සී. ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ද, ත්‍රිවිධ හුමදාවේ, පොලිසියේ සෙසු නිලයන් වලට අයත් 1200ක් පමණ මීට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද තියන්න සල්ලි නැති රජයට ලක්ෂ 2000 ගානෙ මන්ත්‍රීවරු බිලී බාගන්න සල්ලි තියනවා… සජිත් කියයි…

Next Post

සැක කටයුතු ලෙස රැඳී සිටි චීන්නු 39ක් අලුත්ගමින් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.