බොගෝටා හි ඉන්දියානු ප්‍රජාව හමුවීමෙන් සිය කොලොම්බිය සංචාරය ආරම්භ කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ට්විටර් සටහනක් තබමින් පවසා තිබේ. එහිදී ඉන්දියාව ‘නව ඉන්දියාව’ බවට පරිවර්තනය වීම හා එහි ගෝලීය සම්බන්ධය පිළිබඳව ඔවුන් සමඟ බෙදා ගත් බව ද ඔහු සඳහන් කර තිබිණි.
නව ඉන්දියාවේ හැකියාවන් හා දායකත්වය ලෝකය පිළිගන්නා ආකාරය පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.
බොගෝටා ජනතාව හමුවේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ නායකත්ව කුසලතා සම්බන්දයෙන් සේම විදේශයන්හි සිටින ඉන්දියානුවන්ගේ සුබ සාධනය හා ශක්තිය උදෙසා සිදු කළ සේවාවන් සම්බන්ධයෙන් ද, විදේශ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබේ.
“අග්‍රාමාත්‍යවරයා, විදේශයන්හි සිටින ඉන්දියානුවන්ගේ සුබ සාධනය හා ශක්තිය වෙනුවෙන් කොපමණ දේ කර ඇත් ද යන්න පිළිබඳව මම කතා කළා.. හෙට, මගේ කොලොම්බියානු සගයන් සමඟ මම සම්බන්ධ වෙනවා.. ඒ වගේම ඔවුන් අපේ ස්ථාවරත්වය කෙතරම් ශක්තිමත් කරලා තියෙනව ද යන කාරණාව බොහෝ සේ අගය කරනවා..”
විදේශ කටයුතු අමාත්‍ය, එස් ජයිශංකර් මහතාගේ ට්විටර් පණිවිඩයේ සටහන්ව ඇත.
ඔහු, ගයානා (අප්‍රේල් 21-23), පැනමාව (අප්‍රේල් 24-25), කොලොම්බියාව (අප්‍රේල් 25-27) සහ ඩොමිනිකන් ජනරජයේ (අප්‍රේල් 27-29) නිල සංචාරවල නියැලීමට නියමිත අතර මෙම රටවලට ඔහු ගිය පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.