බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොහෙ තියන ඡන්දයක් ද?. ඡන්දයක් නෑ… ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

මැතිවරණය කල් දමා නැති බවත් කල් දැමීම සඳහා මැතිවරණයක් නොමැති බවත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.  ඔහු ප්‍රකාශ කළේ මැතිවරණය තියන්නට මුදල් නැති නමුත්   මුදල් තිබුණත් මැතිවරණයක් නැති බවත්ය.   

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ දා සිට මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවට වගකියන  “කෙයා ටේකර්” ‍කෙනෙක් වශයෙන් බවත් එම කොමිසම විසින් නීත්‍යානුකූළව මැතිවරණ දිනයක් හෝ මැතිවරණය සඳහා වියදම් ඉල්ලා නැති බැවින් මැතිවරණයක් නැති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මෙසේ කීවේය. 

මමත් බුජබර් රහුමාන් මන්ත්‍රීතුමාට පණිවිඩයක් යැව්වා මේකෙන් ඉල්ලා අස් වෙන්න එපා… ඔයා බිල්ලට දෙයි කියලා. එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවෙ මම. මම බැලුවෙ එතුමා පාර්ලිමේන්තුවෙ තියාගන්න. කොහොම හරි ඒ කාරණය ගැන මා තවදුරට කතා කරන්න යන්නෙ නෑ.

අද අපි අත්‍යාවශ්‍ය සේවා ගැන විවාදයක් මේ විපක්ෂයෙන් ඉල්ලා තියනවා. සාමාන්‍යයෙන් මේව ඉල්ලන්නෙ නෑ. විදුලි බලය අත්‍යවාශ්‍ය සේවාවක්. ඇයි ඒකට විරුද්ධ වෙන්නේ. අඛණ්ඩ විදුලි බලය දෙන එකට විපක්ෂය විරුද්ධ ද?.   විවාදයක් ඕන නම් විවාදය දෙන්නම්. විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදය ඉල්ලුවේ ඡන්දය කල් දානවා කියලා.

ඡන්දය කල් දාලා නෑ.  කල් දාන්න ඡන්දයක් නෑ.

මම සාමාන්‍යයෙන් මේ විවාදයට ඇතුළු වුනේ නෑ. මම මේකට සම්බන්ධ වෙන්නෙ නෑ. මම දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා හිටයෙ.  නමුත් අද විශේෂයෙන්ම මැතිවරණ කොමිසමත් ඡන්දය ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බෑ කියලා. නමුත් ඇත්තවශයෙන්ම මෙතන දිවුරුම් පෙත්සම දුන්නම මම හිතුවා මෙතන වචන ස්වල්පයක් කතා කරන්න. නැතිනම් මම යටතෙ ඉන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විශාල අසාධාරණයක්  සිදුවෙනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කොමිසමට මුදල් අමාත්‍යාං ලේකම්වරයා මුදල් දෙන්න බෑ කියලා නෑ. ඒක අසත්‍යයක්.

ඊලඟට මේ රටේ ආර්ථික තත්ත්වයත් ඒ තත්ත්වය යටතේ මේ රටේ ඡන්දය පවත්වන්න අපට මුදල් නෑ,  මැතිවරණය පැවැත්වීම ආර්ථිකයට හොඳ නෑ මේ අවස්ථාවේදි,  පසුව මන්ත්‍රී සංඛ්‍යාව 5000ට අඩුවුනාම එය පවත්වන්න කියලා මම දෙසැම්බර් 14 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකියන්ට දැනුම් දුන්නා.

ලේකම්වරයා  නෙමෙයි මමයි දුන්නෙ. මම හිතනවා මට ඒක යුතුමක් තියනවා ඒ අයට කියන්න. මොකද දැන් සාමාන්‍ය කොමිසමක් නෙමෙයි මේක. මේක නිකම් කෙයා ටේකර් කොමිසමක්.

අපි බැලුවොත් 21 වැනි සංශෝධනය සම්මත කළේ පාර්ලිමේන්තුව. මම නෙමෙයි. බලන්න විශේෂයෙන්ම අන්තර්කාලීන විධි විධාන යටතේ තුන්වැනි කොටසේ තියනවා  මෙහෙම.

“මේ පනත ක්‍රියාත්මකවන්න බලාපොරොත්තුවන දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ සාමාජිකවරයෙක් ලෙස හෝ ධූරය දරන සෑම තැනැත්තෙක්ම මේ පනත ක්‍රියාත්මකවන දින සිට බලාත්මක වන පරිදි එම ධූරය දැරීම නතර වන්නේය.”

එදා නැතිවුනා මේක අත්සන කළ ඔක්තොම්ර් මාසේ 31 වැනි දින. දැන් මේක සාමාන්‍ය කොමිසමක් නෙමෙයි.

“එසේ වුවද මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙරාතුවම දිනය වූ ඉහත සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ සාමාජිකයෙක් වශයෙන් ධූරය දරන තැනැත්තෙකුට අදාල කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  VII ආ වන පරිච්ඡේදයට අනුව ස්ථාපිත කරන ලද දිනය තෙක්ම තම අදාල ධූරවල බලතල හා කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම දිගටම කරගෙන යනු ලැබිය හැක්කේය.”

මේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම තාවකාලික කොමිසමක්. ඒ තාවකාලික කොමිසමට තිබුණේ පාර්ලිමේන්තුවට වගකියන්න. මේ කොමිෂන් සභාව වගකියන්නෙ කාටවත් නොවෙයි. පාර්ලිමේන්තුවට. එහෙමනම් මේ සභාවෙන් අහලා ඔබතුමාටත් සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු එක්ක කොහොමද මේක ඉදිරියට ගෙනියන්නෙ කියලා කතා කරන්න තිබුණා..

මම දන්න හැටියට එහෙම දෙයක් සිදුවෙලා නෑ. ඒක තමයි මම දන්න හැටියට පළවෙනි වැරැද්ද.

දෙවැනි එක එදා ඒ අයට දැනුම් දුන්නා, කොමිසමේ සාමාජිකයින් වෙනම මුණගැසුණු අවස්ථාවේදීත් මමම දැනුම් දුන්නා මේකයි තත්ත්වය කියලා. භාණ්ඩාගාර ලේකම් තුමාට වැඩක් නෑ. ජනාධිපති හැටියට මම  කැඳවලා කිව්වා.

ඊට පස්සේ ජනවාරි 05 දා සවස 3ට මමත් අගමැති තුමත් නීතිපති තුමත් මේ අය මුණ ගැහුනා. ඒ මුණ ගැහුණෙ ඡන්ද කල්දාන්න නෙමෙයි. මේ කොමිසම බෙදිලා තිබුණා. ඒ අය කිව්වා දෙසැම්බර් 23 නාම යෝජනා කැඳවන්න යෝජනා කළා කියලා. දෙන්නෙක් කිව්වා අපි නාම යෝජනා කැඳවන්න දිනයක් තීරණ කළේ නෑ කියලා. එක්කෙනෙක් කිව්වා තීරණ කළා කියලා. එක්කෙනෙක් මේ දෙපැත්තටම කතා කළා. පස්වෙනි එක්කෙනා නුවර මහ රෝහලේ හිටියෙ.

ඒ පාර නීතිපතිතුමා ඇහුවා මේකෙ වාර්තා ටික දෙන්න කියලා. ඒ පාර කිව්වා වාර්තා නෑ කියලා. කොහොමද මේක ගන්නෙ. නීතපතිතුමා කිව්වා ඔබතුමාලා එක ස්ථාවරයකට ආවොත් මට මේ විදිහට තමයි එන්න පුලුවන්. ඔක්කොම එක්ක සාකච්ඡා කරලා දිනයක් දාගන්න… හරි දිනයක් කියලා.  ඒ වෙනුවට ඒ කොමිසම ගිහින්   වෙන නීතිඥයෙක් තියාගෙන සාලිය පීරිස් මැතිතුමාව තියාගත්තා.

දැන් සාලිය පීරිස් මැතිතුමාව තියාගත්තට පස්සේ සමහර ආණ්ඩුවෙ මන්ත්‍රීවරු ඇවිත් මට කිව්වා කොහොමද සාලිය පිරීස් තියාගන්නෙ. එයා දේශපාලනයෙ ඉන්න නීතිඥයෙක්.  එහෙමනම් දේශපාලනයේ නැති නීතිඥයෙක් තියාගන්න. එහෙම නැතිනම් නීතිපති දෙන්න කියලා.

මම කිව්වා නීතිපති දෙන්න අමාරුයි. මම මැදිහත් වෙන්නෙ නෑ මේ අවස්ථාවෙදි. ඔබතුමාලට අවශ්‍යනම් මේක අරගන්න කියලා නීතිඥයෙක් ගන්නවා නම් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති නීතිඥයෙක් අරගන්න ඕන කියලා මම පිළිගන්නවා.

මෙතන ගත්තේ මේ ආණ්ඩුවට බලයක් නෑ. මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බෑ… කියන මතයෙ ඉන්න  නීතිඥයෙක්. ඊට වඩා හොඳයි සජබෙ හරි ජනතා විමුක්ති පෙරමුණේ හරි ඉන්න නීතිඥයෙක් අරගෙන ක්‍රියා කළා නම්.

එච්චරයි මට කියන්න තියෙන්නෙ. ඒක මගෙ අදහස.

ඊට පස්සෙ මේ ගැන කිසිම සාකච්ඡාවක් කළේ නෑ. ඒ වෙනුවට බිලියන 10ක ඇස්තමේන්තුවක් දුන්නේ මැතිවරණයෙ විසර්ජන පනත සකස් කරනකොට. ඒත් 9 වැනිදා ලිපියක් එවලා තියනවා අධ්‍යක්ෂ ජනරාල්ට අක් මුදලක් ඉල්ලුම් කිරීම ගැන. එකට ඉල්ලා තියෙන්නෙ මිලියන 5600ක්. ඉතින් ඉක්කොම ඉල්ලලා තියෙන්නෙ බිලියන 06යි. එදා ඇවිත් කියනවා බිලියන 10ක් ඕන කියලා. උද්ධමනය ඇතිවෙලා තියනවා. මිල වැඩි වෙලා තියනවා. එහෙමනම් අපි හිතුවෙ බිලියන 12-13ක් උවමනා වෙයි කියලා.  මෙතන ඇවිත් කියනවා බිලියන 05ක් ඕන කියලා. ඉතින් ඒ නිසා ආපහු අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා තියනවා මේ ඇස්තමේන්තු දිහා බලන්න. පොලිසිය කියනවා අපට වැඩියෙන් ඕන කියලා. අපට බිලියන දෙකක්  ද තුනක්ද ඕන කියලා. බිලියන 10ක් තියන තැන බිලියන 05කින් කරන්න පුලුවන් කියලා මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් කියනවා. තියන සල්ලි මදි තවත් උවමනයි කියලා පොලිසියෙන් කියනවා.

මේක අනික් දෙපාර්තමේන්තුවලින් සම්පූර්ණ ඇස්තමේන්තුවක් එව්වෙ නෑ.

මේක මුදල් නොතිබුණත් ඒ කාලෙ වෙන් කළේ මැතිවරණයට කියලා. එතකොට මැතිවරණ කොමිසමෙන් කියන්න ඕන සල්ලි ඕන කියලා.  මෙන්න මේ මූලික ප්‍රශ්නය මෙතන තියනවා.

අනික මේ එකකටවත් උත්තර දෙන්න උවමනා නෑ මුදල් අමාත්‍යාංශයට. මේ අක්මුදල් ඉල්ලූ ලිපිය අත්සන් කරලා තියෙන්නෙ ජීආර්ඒකේ ගමලත්. ප්‍රධාන ගණකාධිකාරී,  මැතිවරණ කොමසාරිස් වෙනුවට..

එහෙම කරන්න බලයක් නෑ කාටවත්. මේක කියෙව්වොත් වැටහේවි.

“කොමිෂන් සභාවේ බලතල හා කාර්ය කිසිවක් මැතිවරණ කොමසාරිස් ජනරාල් වෙත හෝ කොමිෂන් සභාවේ වෙනත් යම් නිලධාරියෙක් වෙත හෝ පවරා දෙනු ලැබිය හැකි අතර කොමිෂන් සභා විධානයට හා පාලනයට යටත්ව මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙනත් නිලධාරියෙක් විසින් එම බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනු ලැබිය යුත්තේය. වගන්ති අංක 104/ඊ/6.  මේ කොහෙවත් 104/ඊ/6 ගැන කියලා නෑ. කොමිසමෙන් මේ බලතල ලැබුණා කියලා කියලා නෑ.

ඊට අමතරව කොමසාරිස්වරයා ලියලා තියනවා මගෙ සම අංක 2023 ජනවාරි 09 දා හා 2023 ජනවාරි 26 ලිපි  මගින් මෙහෙම. “මැතිවරණයේ මූලික කටයුතු සඳහා අක්මුදල් ලබා දෙන ලෙස ඉල්ලුම් කර ඇතත් මෙතෙක් අක් මුදල් ලබා දී නැත.”

මේ අක්මුදල් ලබා දුන්නා නම් ඒ නිලධාරියාට එරෙහිව අපට විනය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.  එකක්  එතුමා නෙමෙයි ලියුම එව්වෙ. ලියුම එව්ව නිලධාරියාට කොමිසමෙන් ඒ සඳහා බලය දීලා තිබුණෙ නෑ. මෙතන කියන්නෙ නෑ එතුමටවත් කොමිසමෙන් බලය දීලා තියනවා කියලා.

මේක දුන්නා නම් අපේ අධ්‍යක්ෂ ජනාරාල්තුමාට එරෙහිව ඕන කෙනෙකුට උසාවියට යන්න තිබුණා එතුමා මූලික අයිතිවාසිකමක් කැඩුවා කියලා. ඊට පස්සේ එතුමට රාජ්‍ය සේවා කොමිසමට ගෙනිහින් දඬුවම් කරලා සේවයෙන් අයින් කරන්න පුලුවන්.

ඊලඟට සභාපති තුමා ලිපියක් එව්වා. පෙබරවාරි 03 වැනිදා ලිපියක් එවනවා. ඒකෙවත් කියන්නෙ නෑ මට මේ බලය ලැබුණා කියලා. ඒකෙවත් නෑ…. එක ලියුමකවත් දාන්නෙ නෑ කොමිෂන් සභාවේ තීරණයක් කියලා.

ඊලඟට කිව්වා තව නඩුවක්. පෙබරවාරි 10 වැනිදා කිව්වා “ඡන්දය විමසීම පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව දේශපාලන පක්ෂ දෙකක් එස්සීඑෆ්ආර්6/2022 සහ එස්සීඑෆ්ආර් 7/2022 අංක දරන නඩු කොමිෂන් සභාව විසින් දැනටමත් පලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ව්‍යවස්ථාපිත කටයුතු ඉටුකරමින් ඇති නිසා සහ ඉටුකරමින් පවතින හේතුව මත ප්‍රතික්ෂේප කිරමින් ඡන්ද විමසීම් කටයුතු එලෙසම කරගෙන යන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත. ” කියලා.

ඒත් අපි බැලුවාම එහෙම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා නෑ.   මේ ඡන්දය ගැන ආණ්ඩුවට කිසිම බැඳීමක් නෑ. අඩුම ගානෙ ඉල්ලන්න තිබුණා ආණ්ඩුවටත් විරුද්ධව නියෝගයක් දෙන්න කියලා. ඒ එකක්වත් මෙතන සිද්ධ වෙලා නෑ. ඒ නිසා මම හිතන්නෙ නෑ මේ එක නිලධාරියෙකුටවත් දොස් කියන්න පුලුවන් කියලා මේ පිළිබඳව.

අන්තිම ප්‍රශ්නය වුනේ ඡන්දය ගැන. අපි දන්න හැටියට දැන් වෙනකම්වත් ඡන්ද දිනයක් නම් කරලා නෑ.  නිල වශයෙන් නීත්‍යානුකූළ ඡන්ද දිනයක් නෑ. සමහරු මාර්තු 09 ගැන කියනවා.

ඒත් මට කියන්න බෑ 09 ගැන. මම දන්න හැටියට නීත්‍යානුකූල තීරණයක නෑ තියන්න කියලා.  මේ ඡන්ද දිනය සම්බන්ධව මැතිවරණ කොමසාරිස් සහ එක් සමාජිකයෙක් තමයි තීරණය කරලා තියෙන්නෙ. ඉතිරි අයගෙ අනුමැතිය පස්සෙ අරන් තියෙන්නෙ. මේ සියලු දෙනාම එක් මතයක නෑ. මම ඕන නම් සාක්ෂිත් ගෙනත් දෙන්නම්.

ඇත්ත වශයෙන්ම එහෙමනම් නිල වශයෙන් තීන්දුවක් අරන් නෑ ඡන්දය තියන්න. අපි ගිහින් සල්ලි දුන්නොත් මගෙ ලේකම් මට ඉවත් කරලා කියන්න වෙයි පොලිසියට එයාට විරුද්ධව නඩු දාන්න කියලා.

ඒකයි රජයේ මුද්‍රණාලයාධිපතිනියට වෙන්නෙත්. ඒ අයට ඔක්කොටම රැකියා නැති වෙනවා. ඒ අයට දොස් කියන්න බෑ. ඒ අය රජයේ නියෝජිතයන්. ඇත්ත වශයෙන්ම මේ  රටේ යහපත් ආර්ථික තත්ත්වයක් නෑ. මේ මැතිවරණය කල් දාන්න උවමනා නෑ. මේක නවත්වන්න ඕන නෑ. ඔක්කොම එක්ක සාකච්ඡා කරලා විසඳුමක් හොයන්න පුලුවන්. දැනට මුදල් නෑ. ඒක අපි ඔක්කොම දන්නවා.

ඒත් දැනට ඡන්දෙකුත් නෑ…ඡන්දෙ තියන්න මුදල් නෑ. මුදල් තිබුණත් ඡන්දයක් නෑ… ඉතින් මොනවා කරන්න ද?. ( ජනපති සිනාසෙයි)

ඉතින් මොනවා කරන්න ද?. මොනවට ද ඇවිත් කෑ ගහන්නෙ. මොනවද මේ කරන්නේ (ජනපති සිනාසෙමින් කියයි).

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙළෙඳාම ඉහළ නැංවීමට ඉන්දියාව හා ඉරාකය අතර සාකච්ඡා

Next Post

මහනුවර සඳගල සොරකමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.