ලලිත් චාමින්ද
අහංගම අරන්වල ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හෝටල් කාමරය තුළ නිදියහනේ දි හදිසියේ මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ යුනයිටි කින්ඩමි නැමති 74 හැවිරිදිවියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මෙකි විදේශිය ජාතිකයා වැලිගම ප්‍රදේශයේ හෝටලයට සිට ඉකුත් 03 වැනිදින පස්වරුවේ දි අහංගම ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත පැමිණ ඇත. විදේශිකයා මෙම හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිට ඇති අතර එදින හෝටලයෙන් කිසිඳු ආහාර පානයක් ඇනවුම් නොකර කාමරයේ දොර ජනෙල් වසාගෙන සිට ඇත.
පසු දින (04) මොහු හෝටල් කාමරයෙන් එලියට නොපැමිණිම නිසා හෝටලයේ හිමිකරු විසින් කාමරයේ ජනෙල් කාවුලුකින් බලන විට විදේශ ජාතිකයා ඇද මත නිදාගෙන සිට ඇත.
කාමරයේ දොරට හා ජනේල් වලට තට්ටු කලද මොහු අවදි නොවු නිසා සැක සිති අහංගම පොලිස් ස්ථානයට මේ පිළිබද දැනුම් දි තිබේ. ඒවනවිට විදේශිකයා මියගොස් සිට ඇති අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂන කටයුතු සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.
අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.