-
ත්‍රස්තවාදය වැළැක්වීමේ වනත යටතේ නිකරුණේ මාස 06ක් රඳවා ගැනීමට බොරු සාක්ෂි දුන් නිලධාරීන්ට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතිකව අත්අඩංගුවට ගැනීම සඳහා බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ සාහසික අපරාධය කළ සියලුම නිලධාරීන්ට එරෙහිව කළ හැකි උපරිමය කරන බව දින 167ක් පුරා රඳවාගෙන සිටීමෙන් අනතුරුව අද (01) ඇප මත නිදහස් වී පැමිණි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලඩයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.
මේ වකවානුව තුළ තමන්ව රැගෙන ගිය ස්ථාන, හැකිනම් ඝාතනය කිරීම දක්වා සිදුකළ සැලසුම, සිදුකළ පීඩාවන් එකක් නෑර නිලධාරීන්ගේ නම් ගම් සමගම හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.
මාස හයක් තිස්සේ තමන්ව ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගත් ආණ්ඩුවට නැගුණු දැවැන්ත ජනතා විරෝධය හමුවේ අඩියක් පසුපසට ගන්නට සිදුවූ බව පැවසූ වසන්ත මුදලිගේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, දහස් ගණන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්, උගතුන්, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මේ දැඩි පීඩාකාරී අවස්ථාවේ අනීතියට එරෙහිව සටන් වැදුණු නීතිඥවරුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත සිවිල් ජනතාවට ස්තුති කරමින් පැවසුවේ මේ ඇරුඹුනේ අරගලයේ දෙවැනි පියවර බවය.
” මේ අරගලයේ තවත් ආරම්භයක්. අපි ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්නෙ නෑ… මහජන බලය මොකක්ද කියලා අපි ඉදිරියේ දි පෙන්වන්නම්.”
“ආණ්ඩුවට ඕන කරලා තිබුණේ අපිව හිර කරලා ඝාතනය කරන්න පුලුවන් ඝාතනය කරලා දාන්න. ”
“ඒවට කොහොම ද සැලසුම් වුනේ මොනව ද කළේ කොයි තැන්වලට ද අපිව අරන් ගියේ කියලා නම් ගම් එක්ක හෙළි කරනවා.”
‘ආණ්ඩුව ඒ සැලසුම් කළ සියලුම දේවල් හෙළි කරනවා. ”
“බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මාස ගණන් අපිව හිර කරපු නිලධාරීන්ට එරෙහිව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා.”
“ඒ නිසා වැඩිදුර විස්තර හෙට දිනයේ දී කතා කරමු. ආන්ඩුවට කියනවා බය වෙලා ඉන්න. ලෑස්ති වෙලා ඉන්න.”







