කැබිනට් ඉල්ලීමට අනුව එය ක්රියාත්මක කිරීමට අතුරු ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට ද මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.







