සිය සරසවි පෙම්වතිය කොළඹ තුරඟ තරඟ පිටිය අසල දී ගෙල කපා ඝාතනය කළ බවට සැක පිට බන්ධනාගාරගතව සිටින සරසවි සිසුවා වූ පසිඳු චතුරංගගේ මනෝ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ පරීක්ෂණය සඳහා ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් අද (24) බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
චූදිතයා සම්බන්ධ පරීක්ෂණවලට අදාල බී වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඔහු පිළිබඳව ලබා ගන්නා මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකරනු ඇත.
මෙම සිසුවා කලක් මානසික රෝගයකින් පෙලුණු බවට අධිකරණයට ඔහුගේ සායනික වාර්තා ඉදිරිපත් කර තිබිණි.
ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය මගින් නියොග කිරීම හේතුවෙන් ඔහුව පසුගිය 19 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එම රෝහලට ඇතුළත් කර ඇත.