ශ්‍රියානි විජේසිංහ
සිරිපා වන්දනා සමය අද (07) උදුවප් පොහෝය දිනයෙන් ආරම්භ වේ. සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේ බලන්ගොඩ බගවන්තලාව මාර්ග ඔස්ස රත්නපුර පලාබද්දල හරහා වැඩම කිරීම ඊයේ ( 6 ) උදෑසන ආරම්භ කෙරුණි.
ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍යකටයුත්ත සිදුකරයි.
මේ අතර පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්යක්ෂ පොලිස් අධිකාරි මනොජ් පෙරේරා සඳහන් කරනුයේ ශ්‍රී පාදස්ථානයේ අවධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින් එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.







