සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු ජාවාරමට ගෑවුණු බොරැල්ල රෝහලේ හිමිකාර ප්‍රකට මහාචාර්යවරයා ඇතුළු 6කට  විදෙස් ගමන් තහනම් !

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල කොටා පාරේ පිහිටි වෙස්ටන් රෝහලේ සිදුව ඇති බව කියන මුදලට වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් කරුණු විභාග කරන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම  රෝහලේ හිමිකරු ලෙස පැවසෙන ප්‍රකට වකුගඩු රෝග පිළිබඳව මහාචාර්යවරයකු වන වෛද්‍ය රිස්වි ෂෙරිෆ් ඇතුළු අධ්‍යක්ෂවරුන්  සය  දෙනකුට විදේශ ගමන් තහනමක් පනවමින් නියෝගයක් නිකුත් කළේය.

එසේම මෙම සිද්ධියට සම්බන්ධ වකුගඩු දායකයින්ට රෝහල වෙත ගොස් මුදල් ඉල්ලා කරදර නොකරන ලෙසට තර්ජනය කළ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළාය.

මෙම රෝහලේ දැනට වකුගඩු බද්ධ කිරීම් සැත්කම් 52ක් සිදු කර ඇති බවත් ඉන් හයක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, සෙසු බද්ධ කිරීම් පිළිබඳව විමර්ශනය සිදු කරන බවත් වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධ විමර්ශනය සිදු කිරීමේදී කරුණු අනාවරණය වු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (6) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙස්ටන් රෝහලේ අධ්‍යක්ෂකවරුන් වන වෛද්‍ය මොහොමඩ් හුසෙන් රිස්වි සරිෆ්, වෛද්‍ය තැබිලා රිස්වි සරිෆ්, වෛද්‍ය මෙ‍හොමඩ් රිකාන් සරිෆ්, වෛද්‍ය ඔමාර් සරිෆ්, වෛද්‍ය තැමිබා සරිෆ් ඇතුළු අමිතා කමලිනි කස්තුරිආරච්චි යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය වෙත ආවරණ සහිතව ඉදිරිපත් කළ අතර, පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක ස්ථානාධිපති රත්නමලල, වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහත්වරු පෙනී සිටියහ.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ මෙය විශේෂ නඩුවක් හේතුවෙන් මෝෂන් පත්‍රයක් ගොනු කරමින් කැඳවා නීතිපතිවරයා මැදිහත් වීමට අපේක්ෂා කරන බවය.

ආර්ථික මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ශරීර අවයව මුදලට ධනවත් හා දේශීය විදේශීය පුද්ගලයින්ට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් බවට හඳුන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම සිදු කළේය.

2022/11/21 මාධ්‍යයක් හරහා ප්‍රථමවරට මෙම නඩුවට අදාළ කරුණු අනාවරණයක් සිදු වන බව සඳහන් කළ දිලීප පීරිස් මහතා බොරැල්ල පොලිසියට ලද පැමිණිලි අනුව බස්නාහිර පළාත් පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එහි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති බවය.

සිද්ධියට අදාළව සංක්ෂිප්ත වාර්තාවක් ඉකුත් 29 වැනි දින අධිකරණයට ගොනු කර ඇති බවත් වයස අවුරුදු 30-42 අතර සිටින තරුණ ස්ත්‍රි පුරුෂ පස්දෙනෙකු මෙහි වින්දිතයින් වන බවය.

පුරුෂයින් හතරදෙනෙකු හා එක් කාන්තාවක මෙම වකුගඩු ජාවාරමේ පැමිණිලිකරුවන් වන බව පැවසූ දිලීප පීරිස් මහතා තැරැව්කරුවන් දෙදෙනෙකු සිටින අතර, ලක්ෂ 50 -120 අතර මුදලකට මෙම අවයව හුවමාරු වී ඇති බව සඳහන් කළේය.

සිරන්ජනී කුමාරී දිනමිණට ලියූ වාර්තාව පසුබිම් කරගෙන සැකසිණි 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිපා වන්දනා සමය අද ඇරඹෙයි….

Next Post

ණය ගැන චීනය යළිත් බලාපොරොත්තුවක් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.