මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය මුලු රැඳවියන් ගණන 4 ක් බව රාගම රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. එම මල සිරරු මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 24ක් රෝහලගත කර ඇත.
මහර බන්ධනාගාර රැඳවියන් කොටසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් පසු එහි සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමෙන් අනතුරුව ඇති වූ ගැටුම දුර දිග ගිය මුල්ම අවස්ථාවේ එක් තරුණ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් පිරිසක් රෝහල් ගත කළේය.
තත්වය සමනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේය. රාගම හා කැලණිය පොලිස් ස්ථානවලින් පොලිස් කණ්ඩායම් පහක් හා විශේෂ කාර්ය බලකාය යොදා බන්ධනාගාරය අවට ආරක්ෂාව තහවුරු විනි.
මේ අතර බන්ධනාගාරය තුළ යළිත් කැරැල්ල ඇවිලී ගොස් ඇත. සිර කුටි කඩාගෙන පිටතට පැමිණි රැඳවියන් මුළුතැන්ගටෙ ගිනි තබා කාර්යාලවලට හානි කරන්නට පටන් ගෙන තිබේ. මේ අතර බන්ධනාගාර නිලධාරීන් පිිරිසක් රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇත. ගැටුම දුර දිග යන්නේ මේ ප්‍රාණ ඇපයට තබා ගත් බන්ධනාගාර නිලධාරීන් මුදවා ගැනීමට යෑමේ දීය.
මේ වනවිටත් එම නිලධාරීන් රැඳවියන්ගේ ප්‍රාණ ඇපයෙහිය. තත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවා තිබේ..