මහ මැතිවරණ ජයග්රහණයෙන් පසු මැතිවරණ කොමිසමේ බලය සංශෝධනයට ලක්කිරීමට වහා කටයුතු කළයුතු බව ඡන්ද අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මැතිවරණ ජනහමුවක් අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.
“බලන්න මැතිවරණ කොමිශන් සභාව මේ කටයුතු කරන ආකාරය. සමහර වෙලාවට ඔවුන් නිකුත් කරන චක්‍රලේඛත් එක්ක අපිට තේරෙන්නේ නෑ කොහොමද මැතිවරණයක් කරන්නේ කියලා. මේ වගේ මැතිවරණ කොමිසමක් එක්ක අපිට ජීවිතේට මැතිවරණයක් කරන්න හම්බ වෙන්නේ නෑ. රාජ්‍ය ආයතනෙක කාර්යාල දාන්න බැහැලු. ඒ වගේම රැස්වීම් තියන්න බැහැලු. නිරෝධායන නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕන අපි සියයට සියයක් ඒක පිළිගන්නවා. හැබැයි මහනුවර දිස්ත්‍රික්කෙ එහා කොන ගිනිගත්හේන. මෙහා කොන මහියංගනය. රැස්වීමක් තියන්න එපාලු, පෝස්ටරයක් ගහන්න එපාලු, කටවුට් එකක් ගහන්න එපාලු, ගෙන් ගෙට යන්න එපාලු. කොහොමද අපි ඡන්ද කරන්නේ? ඒ නිසා මෙහෙම මැතිවරණ කොමිශන් එක්ක නම් ජීවිතේට මැතිවරණ කරන්න හම්බවෙන්නේ නෑ. ඒ නිසා අනිවාර්යයයෙන් ජයග්රහණයෙන් පස්සේ මේ කොමිසමට තිබෙන බලය වහාම වෙනස් කළ යුතුව තිබෙනවා.”