ඉන්දීය රජයන් විසින් මෙරටට පරිත්‍යාග කරන කොවිෂීල්ඩ් එන්නත් තොගය පිළිගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) උදේ කටුනායකට ගියේය.
ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් 11.35 ට එන්නත් තොගයත් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ලඟා වුනේය.
මෙම එන්නත් තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ ලක්ෂ 05 ක් ඇතුළත් විය.
එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා තිබිණි.