- විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරු මාරු කර යැවූ අය අතර…
- පාස්කු ප්‍රහාරය හා රිෂාඩ් බදියුදීන් සම්බන්ධ විමර්ශන කළ නිධාරිනුත් ඉවත් කරලා
- රටට ජාත්‍යාන්තර සම්මාන 02ක් ලබා දුන් නිලධාරියෙකුත් සේවය අනවශ්‍ය ලයිස්තුවේ.
“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරත් අනවශ්‍ය“ බව ව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන පළපුරුද්දක් සහ හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනකු හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරී සඳහා යොමු කොට තිබේ.
එම නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරුන්ද සිටීම විශේෂත්වයකි. මෙම සෑම නිලධාරියකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ වසර 15කට එහා කාලයක අත්දැකීම් ඇති නිලධාරීන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මේ තරම් අත්දැකීම් ඇති නිලධාරීන් සංඛ්‍යාවක් එකවර මාරු කිරීමට ලක් කළ පළමු අවස්ථාව මෙය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙ නිලධාරීන් මෑත කාලයේ ආන්දෝලනයට ලක් වූ ප්‍රධාන විමර්ශන රැසක් මෙහෙයවූ නිලධාරීන් වන අතර පාස්කු ප්‍රහාරය ට අදාල විමර්ශන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සම්බන්ධ විමර්ශන , පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉබ්රාහිම් නමැති ව්‍යාපාරිකයා සම්බන්ධ විමර්ශන , සහරාන්ගේ කණ්ඩායමට පුපුරන ද්‍රව්‍ය එවූ විදේශ ජාලය සම්බන්ධයෙන් විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියාද මේ අතර සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම ක්‍රෙඩිට් කාඩ්පත් වංචා සහ ව්‍යාජ විදේශ මුදල් සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙනම් මෙම විමර්ශන හරහා ශ්‍රි ලංකා පොලිසියට ජාත්‍යන්තර සම්මාන තුනක් ලබා ගැනීමට පවා හේතු වූ විමර්ශන නිලධාරියකුද මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරිවලට යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
කිසිදු දේශපාලන සම්බන්ධතාවකින් තොරව ස්වාධීන ව කටයුතු කළ මෙම නිලධාරීන් මේ අයුරින් සේවය අනවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම විමතියට හේතුවක් බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.