දියවන්නා ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු රැගත් ඔරුවක් අද අළුයම පොල්දූව පාලම අසලදී පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයන ආරක්ෂක යාත්‍රාවක ගැටීමෙන් සිදුවූ අනතුරින් දියට වැටුණු එක් පුද්ගලයෙක් අතුරුදහන්ව ඇත.
බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම පුද්ගලයන් අළුයම එම ඔරුව මඟින් පොල්දූව පාලම ආසන්නයට පැමිණ ඇති අතර එහිදී මුර සංචාරයේ යෙදුණු යාත්‍රාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අතුරුදන් පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.