ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා (800) වන මුත්තයියා මුරලිදරන් විසින් තබා තිබු වැඩිම වමත් පිතිකරුවන් සංඛ්‍යාවක් දවා ගැනීමේ වාර්තාව බිඳ දැමිමට ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් සමත් විය. ඒ ඔසට්‍රෙලියාව සමග පැවැති ටෙස්ට් තරගයේදී ජෝස් හෙසල්වුඞ්ව දවා ගනිමිනි.
මුරලි විසින් වමත් පිතිකරුවන් 191 දෙනකු දවා ගනිමින් එම වාර්තාවේ මිට පෙර හිමිකරුවා විය. මේ වන විට 34 වැනි වියේ පසුවන අශ්වින් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 73 කට සහභාගි වී බිද දමා ඇති කඩුලු සංඛ්‍යාව 375 කි. එහිදී ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 25.22 කි.
කෙසේ වෙතත් මුරලි සතු බොහෝ වාර්තා බිද දැමීමට අශ්වින්ට ඇති හැකියාව අවම වුවද වමත් පිතිකරුවන් දවා ගැනීමේ වාර්තාව ඔහු සතු කර ගැනීමද විශේෂත්වයකි. ලොව වැඩිම ගණනක් වමත් පිතිකරුවන් දවා ගත් පන්දු යවන්නන් අතර තෙවැනි තැන ජේම්ස් ඇන්ඩ්රසන් (186) පසුවන අතර සිව්වැනි තැන පසුවන්නේ ග්ලෙන් මැක්ග්‍රාත් (172) වේ. ෂේන් වෝන් එම ලැයිස්තුවේ පස්වැනි තැන (172) පසුවන අතර අනිල් කුම්බ්ලේ (167) හය වැනි තැනට පත්ව තිබේ.