බැඳුම්කර සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
රහස් පොලීසිය මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ ලබන සිකුරාදා පස්වරුවේ ප්‍රකාශය දීමට පැමිණෙන ලෙසයි.
එහෙත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට උපදෙස් දී ඇත්තේ හෙට දිනයේම ඔහු ගෙන්වා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි යළි දන්වා තිබේ.
එජාප ප්‍රකාශයකයෙක් ලංකාසරට සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතාට කලින් යොදාගත් වැඩකටයුතු ඇති බැවින් එම වෙලාවට පැමිණිය නොහැකි යැයි දැන්වූ බව ය.
ඒ අනුව නුගේගොඩ නාලන්දාරාමයේ වැඩසටහනකට හෙට සහභාගී වීමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ මහතා පෙර කතිකා කරගත් පරිදි සිකුරාදා පස්වරු 3ට ප්‍රකාශය දීමට පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.