පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධව සොයා බලන ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ කරුණු පිළිබඳව ස්ථානීය නිරීක්ෂණ කිරීමට එම කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු ඊයේ (11) සහ අද (12) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වෙමින් සිටිති.
පාස්කු ඉරිදා ප්රහාරයට ලක්වුණු මඩකලපුවේ සියෝන් දේවස්ථානය, කාතන්කුඩියේ සහරාන් වැඩිපුර ගත කළ ස්ථානය , දෙවැනි ප්රහාරයකට සූදානමින් සිටි ඔහුගේ අනුගාමිකයන් සිය දරුවන්ද සමග සයින්දු මරුදු හී බෝම්බ පුපුරවාගෙන සියදිවි හානිකර ගත් ස්ථානය ආදී බොහෝ තැන් මෙම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
කාතන්කුඩියේ සෞදි අරාබියේ ගෘහ සහ නගර නිර්මාණ ශිල්පියට අනුකූලව ඉදි කළ බවත්, මාර්ගය මැද රට ඉඳි ගස් වගාකර, නගරයේ පුවරුවල අරාබි අක්ෂරවලින් සටහන්කර ඇති බවත් කොමිසම හමුවේ බොහෝ සාක්ෂිකරුවන් සඳහන් කළ අතර ඒ ගැනද මෙම සංචාරයේදී කොමසාරිස්වරුන්ගේ විශේෂ අවධානයකට ලක්ව ඇත.
සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් මූලස්ථානය පිහිටි කර්යාලය, කාතන්කුඩියේ ගැටුම් ඇතිවූ ස්ථාන මෙන්ම දේවස්ථාන රැසක්ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.