සංචරණ සීමා සහ හුදකලා ප්‍රදේශ ක්‍රියාත්මක වන කොළඹ නගරයේ ජන ඝනත්වය අධික ප්‍රදේශවල ජනතාව සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම ඇතුළු කොව්ඩ 19 වයිරසය වැළැක්වීම් නිති රීති කඩ කරන පුද්ගලයන් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් අද දිනයේද ක්‍රියාත්මක වන බවත් ගුවනින් ලබා දෙන තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය යතුරු පැදි බලකාය මඟින් ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනතුරු අඟවයි.
විශේෂයෙන් කොළඹ නාගරික ප්‍රදේශයේ ජනතාව නිසි ලෙස මෙම නිරෝධායන නීති රීති පිළිනොපදින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් හරහා තවදුරටත් රෝගය පැතිර යාම වලළැක්වීමේ අරමුණින් මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත් මකකිරීමට සිදුවූ බව සඳහන් කළ අජිත් රෝහණ මහතා ඊයේ දිනයේ දී ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය මත සිදු කළ මෙහෙයුමෙන් එවැනි පුදගලයන් අත් අඩංගුවට ගත හැකි වූ බැවින් ඊයේ දිනටත් වඩා සාර්ථකව අද දින මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බව පැවසීය.
මේ සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන කැමරා යොදා ගන්නා අතර අදාළ නිරීක්සණය වන ස්ථානය ආසන්නයේ රඳවා තැබෙන ක්ෂණික යතුරු පැදි කණ්ඩායම් අදාළ ප්‍රෙද්ශවලට යොමු කොට ඔවුන් ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බැවින් ජනතාවට අදාළ සෞඛ්‍ය නිරෝධායන නීති ඒ අයුරින්ම පිළිපැදීමට කටයුතු කර සහය ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.