බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

by editor
නොවැම්බර් 13, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

සලාද වර්ග  ආහාර වේලකට රසය ගුණය වගේම විවිධත්වය එක් කරනවා. අප අද කතා කරන්න යන්නේ විවිධත්වය තුළින් අපූරු රසයක් මවන සලාද වර්ග කීපයක්….

අලිගැටපේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු අලිගැටපේර ගෙඩියක්
    තක්කාලි ගෙඩියක්
    ලොකු ළූණු ගෙඩියක්
    කොත්තමල්ලි කොළ ස්වල්පයක්
    අමු මිරිස් කරල් 02ක්
    ලුණු සහ දෙහි අවශ්‍ය ප්‍රමාණයට

තක්කාලි, ලූණු, කොත්තමල්ලි කොළ සහ අමු මිරිස් සිහින්ව කපා එයට දෙහි සහ ලුණු එකතු කරගන්න. ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න. මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 බෝංචි ඇට සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෑ ඇට
    බෝංචි ඇට
    සුදු කවුපි සහ රතු කවුපි
    කඩල
    මුං ඇට
    ඉරිඟු ඇට
    චොප් කරගත් ලූනු
    චොප් කරගත් ගොටු කොළ
    දෙහි ඉස්ම මේස හැන්දක්
    විනාකිරි මේස හැඳි 4ක්
    සීනි මේස හැඳි 2
    ඔලිව් තෙල් මේස හැන්ඳක්
    ලුණු
    ගම්මිරිස් කුඩු

ලුණු, සීනි, විනාකිරි, ඔලිව් ඔයිල්, දෙහි ඉස්ම වෙනම බඳුනක මිශ්‍ර කරගන්න. ඇට වර්ග සියල්ල තම්බා ගන්න. (එක් එක් ඇට වර්ග තැබීම සඳහා ගත වෙන කාලය වෙනස් නිසා වෙන වෙනම තම්බා ගන්නවා නම් වඩාත් සුදුසුයි.) සාදාගත් සැලඩ් ඩ්‍රෙසින් එක දමා කෑමට ගන්නා විටම හොඳින් මිශ්‍ර කරගන්න.

ජර්මානු අල සලාදය

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා කොටු කපාගත් අල
    බේකන්
    කුඩා කොටු කපාගත් ලූනු
    චොප් කරගත් පාස්ලි
    ලුණු තේ හැන්දක්
    සීනි මේස හැඳි 3
    විනාකිරි කප් 1\4
    ගම්මිරිස් කුඩු
    වතුර මේස හැඳි 2

බේකන් තීරු ක්‍රිස්පි වෙන තරමට බැද කුඩා කැබලි කඩාගන්න. ඒ තෙලටම කොටු කපාගත් ලූනු එක් කර තෙම්පරාදු කරගන්න. එයට විනාකිරි, වතුර, සීනි, ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කර උතුරුවා ගන්න. එයට අල සහ පාස්ලි එක් කර බේකන් වලින් කොටසක් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න. පිළිගන්වන විට ඉතිරි බේකන් උඩින් දමා පිළිගන්වන්න.

රුසියානූ සලාදය

මේ සැලඩ් එක ශීත කරලා තමයි කන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු හැඩයට කැපූ අල ගෙඩි 3ක්
    කොටු හැඩයට කැපූ කැරට් අල 2
    ග්‍රීන්පීස් ග්‍රෑම් 250
    හීනියට කැපූ බෝංචි කරල් 8ක් පමණ
    මයෝනිස් මේස හැඳි 5
    කොටු හැඩයට කැපූ පොඩි අන්නාසි ගෙඩියක්
    ලුණු ස්වල්පයක්
    ගම්මිරිස්කුඩු

අල අයිස් වතුර එකක පෙඟෙන්න තබන්න. කැරට් විනාඩි දෙකක් පමන තම්බගන්න. කැරට් තැම්බුනු පසු එය අයින් කර ඒ වතුරෙන්ම බෝංචි විනාඩි දෙකක් තැම්බෙන්න දෙන්න. තැම්බුණු බෝංචි ඉවත් කර දැන් එම බඳුනට ග්‍රීන්පීස් දමා විනාඩි දෙකක් තම්බගන්න. අන්තිමට විනාඩි තුනක් පමණ අල ටික තැම්බෙන්න හරින්න. දැන් වෙනත් බඳුනක් ගෙන
තම්බා ගත් අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි එකතු කර ලුණු සහ ගම්මිරිස්කුඩු ඇති පදමට දමා ගෙන මයෝනිස් එකතු කර හොඳට මිශ්‍ර කර ගන්න. මෙම සලාදය කෑමට එකතු කරගන්නේ හොඳින් සිසිල් වූ පසුවයි. එනිසා හදා ගත්තු සලාදය කෑමට ගන්නා තෙක් ශීතකරණයේ තබන්න‍.

දම් ගෝවා සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • දම් ගෝවා
    කැරට්
    රට ලූනු
    රතු හෝ කොළ ඇපල්
    දෙළුම් ඇට ටිකක්
    මයෝනීස් ⁣මේස හැඳි 3ක් හෝ යෝගට් එකක්
    අමු මිරිස්
    ගම්මිරිස් කුඩු
    ලුණු කුඩු
    දෙහි ඇඹුල්

දම් ගෝවා, කැරට්, රට ලූනූ සියල්ල සිහින්ව ද ඇපල් පොඩි කොටු හැඩයට ද කපා ගන්න. ඉහත කී කලමනා සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට අශ්‍ය පමණට ලුණු, දෙහි ඇඹුල් එක් කර ශීතකරණයේ තබා සිසිල්ව ආහාරයට ගන්න. ආහාරයට ගන්නා විට යෝගට් එකට මයෝනිස් කලවම් කර එය සලාදයට මිශ්‍ර කර ගන්න.

කැකිරි සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකිරි ගෙඩි 01ක්
    ලොකු ළූණු ගෙඩි 01ක්
    තක්කාලි ගෙඩි 01ක්
    අමු මිරිස් කරල් 04ක්
    ලුණු සහ දෙහි රස අනුව

කැකිරිවල තිත්ත ගතිය යන්න ඉස්සෙල්ලාම උඩින් පෙත්තක් කපලා අයින් කරන්න. පොතු සහ ඇට අයින් කරගන්න.
සිහින්ව කෑලි කපාගන්න. එයටම කපාගත් ළූණු, තක්කාලි, අමු මිරිස්, ලුණු සහ දෙහි එකතු කොට පිළිගන්වන්න.

මල්ගෝවා සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මල්ගෝවා ගෙඩියක්
    ලොකු ළූණු ගෙඩි 02ක්
    තක්කාලි ගෙඩි 02ක්
    මාලු මිරිස් කරල් 02ක්
    ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    ලුණු සහ දෙහි අවශ්‍ය පමණට

මල්ගෝවා ගෙඩිය අතින් කුඩා කෑලිවලට කඩාගන්න. ඉන්පසු ලුණු මිශ්‍ර වතුරක විනාඩි 10ක් බහා තබා සෝදාගන්න. පසුව ලුණු සහ කහ ස්වල්පයක් එකතු කොට තම්බාගන්න.
වෙනම භාජනයකට ළූණු, තක්කාලි සහ සිහින්ව කපාගත් මාලු මිරිස් එකතු කර, එයට ලුණු සහ ගම්මිරිස් දමා අනාගන්න.
එයට මල්ගෝවා එක් කර අවසානයේ දෙහි දමා පිළිගන්වන්න.

බිත්තර සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් බිත්තර 4ක්
    කොටුවට කපාගත් අලිගැට පේර ගෙඩියක්
    කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්
    කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්
    හීනියට කපාගත් ළූණු කොළ ටිකක්
    ලුණු හා ගම්මිරිස්කුඩු

තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බඳුනකට එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායනය වී පැමිණි බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ 09 දෙනකුට කොවිඩ් ආසාදනය වේ..

Next Post

කොළඹ නගරයේ ගුවන් මෙහෙයුම අදත් – කොවිඩ් නීති ගැන අවධානයෙන් ඉන්න

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.