දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ හමුදා සේනාංක සිංහල දෙමල අළුත් අවුරුද්ද වෙනුවෙන් පළාතේ දෙමළ පවුල් 250 කට අධික සංඛ්‍යාවකට වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් ළමුන් උදෙසා පාසල් උපකරණ පිරිනැමීම කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.
ආරක්ෂක සේනාංකාධිපතිවරයාගේ ඉල්ලිම මත මේ සදහා දානපතියන් විශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබූ අතර අලුත් අවුරුද්ද සැමරීම සදහා හැකියාවක් නොමැති පවුල් තෝරාගෙන මෙම පරිත්‍යාගය සිදු කරණු ලැබිය.
මේ අවස්ථාවට යුද හමුදාවේ ආඥාපති සමන් ලියනගේ දීපාල් හතුරුසිංහ හා දානපතීන් අතර වූ නවීන් පෙරේරා ද සහභාගී විය.