බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

by editor
අප්‍රේල් 18, 2026
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ගෝලීය විද්‍යුත් මෝටර් රථ වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් සිටින චීන සමාගම්, දැන් මෝටර් රථයක් තුළ තිබිය හැකි යැයි කිසිවකුත් නොසිතූ අමුතුම ආකාරයේ පහසුකම් හඳුන්වා දීමට පටන් ගෙන තිබේ. මෙහි නවතම පියවර තබා ඇත්තේ චීනයේ චොංකිං (Chongqing) නගරය කේන්ද්‍ර කරගත් සෙරෙස් (Seres) සමාගමය.

ඔවුන් සිය මෝටර් රථ මගීන්ට දීර්ඝ ගමන්වලදී රථයෙන් බැසීමට අවශ්‍ය නොවී, රථය තුළදීම සිය සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරගත හැකි ‘වාහන තුළ වූ වැසිකිළි පද්ධතියක්’ (In-vehicle toilet) සඳහා පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන තිබේ.

නව තාක්ෂණික සැලසුම

2026 අප්‍රේල් 10 වන දින චීන බුද්ධිමය දේපළ පරිපාලන ආයතනය වෙත ඉදිරිපත් කළ පේටන්ට් වාර්තාවලට අනුව, මෙම වැසිකිළිය සැලසුම් කර ඇත්තේ මගී අසුනට පහළින් ඉතා සූක්ෂම ලෙසය. සාමාන්‍ය අවස්ථාවලදී මෙය අසුන යට සැඟවී පවතින අතර, අවශ්‍ය අවස්ථාවකදී මගියාට බොත්තමක් එබීමෙන් හෝ හඬ විධානයක් (Voice command) මගින් එය පිටතට ලබාගත හැකිය.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ රථය තුළ පවතින සීමිත ඉඩකඩ උපරිම ලෙස කළමනාකරණය වන පරිදි මෙය නිපදවා තිබීමය.

සෙරෙස් හි මෝටර් රථ තුළ වැසිකිළි සංකල්පය, එහි පේටන්ට් බලපත්‍ර ගොනු කිරීමට ඇතුළත් කර ඇත

දුර්ගන්ධය සහ අපද්‍රව්‍ය කළමනාකරණය

මෝටර් රථයක් වැනි සංවෘත අවකාශයක් තුළ වැසිකිළියක් භාවිත කිරීමේදී මතුවන ප්‍රධානතම අභියෝගය වන්නේ දුර්ගන්ධය සහ සනීපාරක්ෂාවයි. සෙරෙස් ඉංජිනේරුවන් මීට නවීන විසඳුම් ඇතුළත් කර ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වැසිකිළිය ක්‍රියාත්මක වන විට රථය තුළට කිසිදු ගන්ධයක් ඇතුළු නොවන පරිදි විශේෂ විදුලි පංකා සහ බාහිරට විවෘත වන පිටකිරීමේ නල පද්ධතියක් (Exhaust pipe) මෙයට සම්බන්ධ කර තිබේ.

එසේම, එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මෙහි ‘තාපක මූලද්‍රව්‍යයක්’ (Rotating heating element) අමුණා ඇත. එමගින් මුත්‍රා වාෂ්ප කර දැමීම සහ අනෙකුත් අපද්‍රව්‍ය වියළි තත්ත්වයට පත් කිරීම සිදු කරයි. පසුව එම වියළි අපද්‍රව්‍ය සහිත ටැංකිය අතින් ඉවත් කර පිරිසිදු කිරීමේ හැකියාව මගියාට හිමිවේ.

චීන විද්‍යුත් රථ වෙළඳපොළේ දරුණු තරඟය

මෙවැනි අසාමාන්‍ය අංගයක් හඳුන්වා දීමට සෙරෙස් සමාගම පෙළඹුණේ චීන විද්‍යුත් මෝටර් රථ (EV) වෙළඳපොළ තුළ පවතින දැඩි තරඟකාරිත්වය හේතුවෙනි. මේ වන විට චීනයේ නිෂ්පාදිත රථවල සම්බාහන අසුන්, ගෘහස්ථ සිනමා පද්ධති, කැරෝකී සහ ශීතකරණ වැනි පහසුකම් සුලභය. පාරිභෝගිකයන් අතර කැපී පෙනීම සඳහා සමාගම් දැන් මෙවැනි ‘අධි-සුඛෝපභෝගී’ මෙන්ම ඇතැම් විට අමුතු යැයි හැඟෙන විශේෂාංග එකතු කරමින් සිටී.

සෙරෙස් යනු ලෝක ප්‍රකට BYD සමාගම මෙන්ම වර්තමානයේ ලාභ ලබන ප්‍රධාන චීන මෝටර් රථ සමාගමකි. ඔවුන් හුවාවේ (Huawei) සමාගම සමඟ එක්ව ‘අයිටෝ’ (Aito) සන්නාමය යටතේ SUV රථ නිෂ්පාදනය කරමින් දැනටමත් යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් කරා ව්‍යාප්ත වී සිටී.

අතීතයේ රෝල්ස් රොයිස් අත්හදා බැලීම

වාහන තුළ වැසිකිළි පහසුකම් පෞද්ගලික මෝටර් රථවලට අලුත් දෙයක් වුවද, මෙය ඉතිහාසයේ පළමු අවස්ථාව නොවේ. 1954 වසරේදී විශේෂ ඇණවුමක් මත නිපදවන ලද රෝල්ස් රොයිස් සිල්වර් රේත් (Rolls-Royce Silver Wraith) රථයකද අසුන යට වැසිකිළි පහසුකමක් සහ රූපවාහිනියක් ඇතුළත් කර තිබූ බව සෝතිබි (Sotheby’s) වෙන්දේසි වාර්තා පෙන්වා දෙයි.

එහෙත් සෙරෙස් සමාගම උත්සාහ කරන්නේ මෙය නූතන තාක්ෂණය සමග මුසු කර සාමාන්‍ය මගී රථයකට ගැලපෙන ලෙස නිපදවීමටය.

කෙසේ වෙතත්, මෙම පේටන්ට් බලපත්‍රය මත පදනම් වූ වාණිජ මට්ටමේ මෝටර් රථයක් නිපදවන දිනයක් පිළිබඳව සෙරෙස් සමාගම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. නමුත් මෙය විද්‍යුත් මෝටර් රථ තාක්ෂණයේ තවත් එක් සංධිස්ථානයක් ලෙස විචාරකයෝ හඳුන්වති. ( බීබීසී ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සිට කුදලාගෙන පැමිණි කුළී මිනී මරුවා… මීටියාගොඩ රාජු කවුද?

Next Post

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ   පැය 24ක දැඩි අස්ථාවරය ලෝකයට බලපෑම් කරන හැටි!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026
අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුමට උත්තරයක් ලැබෙයි… අලින්ට වැට බඳින මී මැසි වැටක් රුහුණු විශ්වවිද්‍යාලය සාර්ථකව හඳුන්වා දෙයි… ( වීඩියෝ සහිතයි )

නොවැම්බර් 16, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.