සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හේ… හූ… කෝ දැන් මහාචාර්යකම නෑ… මුහුණු පොතේ රඟන හිපාටුවන්ගේ දැනගැනීම පිණිසයි….

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
proff

proff

Share on FacebookShare on Twitter

ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි –

කතානායක කතා වස්තුව අවසන් විය. NPP ට දුන් සහයෝගය අමතක කොට විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස අපි ඔහුගේ සහතිකය ප්‍රශ්න කළෙමු. සහතිකවලින් හෝ සංඛ්‍යා ලේඛන වලින් හෝ තොරතුරුවලින් යමෙක්‌ ජනතාව නොමග යවනවානම් ඉදිරියටත් ඒවා ඒවා පෙන්වා දෙන්නට ඔහු ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේ ද , ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙක්ද යන්න උපකුලපතිවරයෙක් ද යන්න අපට අදාළ නොවේ.

කෙසේ නමුත් මේ වනවිට සාමාන්‍ය ජනයා කතා වන තවත් අධ්‍යාපන සුදුසුකමක් වන “මහාචාර්ය” තනතුර ගැන කෙටි දැනුවත් කිරීමක් කරනු කැමැත්තෙමි. ජන්දයට පෙර මහාචාර්ය පට්ටම් තිබූ අය පාර්ලිමේන්තු ගිය පසු එම කොටස හලා ගෙන ඇත්තේ ඇත්තටම ඒවා නොතිබුණ නිසා දැයි ජනතාවට තවත් විෂබීජයක් කවන්නට සැරසෙන OL වත් පාස් නැති තවත් සෙට් එකක් ද සිටී. මේ පැහැදිලි කිරීම අන්න ඒ අයගේ ටොපිය නොගිලන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම සඳහා ය.

මහාචාර්යවරයෙක් යනු කවුද?

විශ්වවිද්‍යාලයක මහාචාර්ය තනතුරක් ලැබෙන්නේ ලකුණු පටිපාටියක් අනුව ය. ඔහුගේ සේවාකාලය තුළ කරන ලද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දායකත්වය, පර්යේෂණ ප්‍රමාණය , ජාතික මෙහෙවර , පරිපාලන ආදී සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන ලෙස මෙම ලකුණු දීමේ පටිපාටිය සකසා ඇත. මේ සෑම ක්ෂේත්‍රයක්ම තුලනාත්මකව ආවරණය කර ගැනීමට ඒ ඒ ක්ෂේත්‍රයෙන් ලබාගත යුතු අවම ලකුණු ප්‍රමාණයක් හා යමෙකුට යම් එක් ක්ෂේත්‍රයකින් කොතරම් වැඩි ලකුණු තිබුණත් එමගින් එකතු වන ලකුණු උපරිමයක් ද නිර්දේශ කොට තිබේ. මේ උපරිම හා අවම සීමාවන්ට යටත්ව මහාචාර්ය වරයෙක් වීමට ලකුණු අවම ලකුණු 105 ක් තිබිය යුතු ය. එම ලකුණු 105 රැස්කිරීම අතිශය දුෂ්කර ක්‍රියාවකි.
උදාහරණ ලෙස ආචාර්ය උපාධියෙන් එකතු වෙන්නේ ලකුණු 4කි. (ආචාර්ය උපාධිය නැතිව මහාචාර්ය වීමට පොඩි සදාචාරාත්මක හිරිකිතයක් මිස නීතිමය බාධාවක් නැත) අංශ ප්‍රධාන වැනි පරිපාලන තනතුරක් දැරීම වෙනුවෙන් හිමිවන්නේ වසරකට එක ලකුණ බැගින් උපරිම ලකුණු 3කි. දෙස් විදෙස් පිළිගත් සඟරාවල පලකරන පර්යේෂණ එකකට ලකුණු 0.5, ලකුණු 1, ලකුණු 1.5, ලකුණු 3 ආදී වශයෙන් එකතු කරගනිමින් අවම ලකුණු 30ක් සම්පූර්ණ කරගත යුතු ය. මේ ආකාරයට ලකුණු ඉදිරිපත් කළද ඒවා යම් කැපීම් කෙටීම්වලට භාජනය වන බැවින් අවශ්‍ය අවන ලකුණු 105 වුවත් ලකුණු 115-120 ක් වත් අතේ නැති කෙනෙක් සාමාන්‍යයෙන් මහාචාර්ය තනතුරකට ඉල්ලුම් කරන්නේ නැත. (වඩාත් නියතව Associate Professor ලකුණු 70, Merit Professor ලකුණු 105, Advertised Professor ලකුණු 115)

මහාචාර්ය තනතුරු නාම භාවිතය

නමුත් අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් ඇත. එවන් දුෂ්කර ක්‍රියාවකින් පසු ලබාගන්නා මහාචාර්ය තනතුර වුවද ඔහු හෝ ඇය විශ්වවිද්‍යාල සේවයෙන් බැහැර වන විට අහෝසි වී යන බව රටේ සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් දන්නේ නැත. විශ්‍රාමික මහාචාර්ය / හිටපු මහාචාර්ය මෙවැනි නම්වලින් සමහරු තමන් හඳුන්වා ගත්තද එවැනි තනතුරු නැති බව ජනතාව තේරුම් ගැනීම වටී. (නමුත් එම යෙදුම තුළින් දැන් ඒ තනතුර නැති බව හැඟවෙන නිසා නොමග යැවීමක් සිදුවන්නේ නැත) මහාචාර්යවරයෙක් නම් ඔහු සෑම විටම විශ්ව විද්‍යාලයක සේවය කළ යුතු ය. එසේ නොවන අයෙකුට මහාචාර්ය පදවිය භාවිතා කළ හැක්කේ එය සම්මාන මහාචාර්ය තනතුරක් නම් පමණි. (විශ්වවිද්‍යාලයක වසර 10 වඩා මහාචාර්ය තන්තන්තුරේ සේවය කළ අයෙකුට ඔහු අයත්වූ පීඨය විසින් යෝජනා කොට, සනාතන සභාව මගින් අනුමත කරන්නේ නම් පමණක් එම විශ්වවිද්‍යාලය මහින් සම්මාන මහචාර්ය තනතුරක් පිරිනමනු ලැබිය හැක්කේ ය. මහාචාර්ය වූ සියලු දෙනාටම සම්මාන මහාචාර්ය තනතුරු ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම විශ්‍රාම වයසට ආසන්නයේ මහාචාර්ය වූ අයට එවැනි අවස්තාවක් ලැබෙන්නේ ම නැත.)
උදාහරණ ලෙස G L පීරිස් පාර්ලිමේන්තුවේ මහාචාර්ය ලෙස භාවිතා කළේ ඔහුට කොළඹ විශ්වවිද්‍යාලය මගින් සම්මාන මහාචාර්ය තනතුර ප්‍රදානය කොට තිබු නිසා ය.
මේ දැනුවත් කිරීමෙන් පසු මා ඔබට කියන්නට උතසාහ කරන්නේ මෙවර පාර්ලිමේන්තු ගිය ඇතැම් මහාචාර්යවරු දැන් එම කොටස හලා ඇත්තේ ඔවුන් ඊට පෙර ඇත්ත වශයෙන්ම මහාචාර්ය නොවූ නිසා නොව, පාර්ලිමේන්තුව පැමිණීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වෙනවා සමග මහාචාර්ය නාමයද අහිමි වී ගිය බැවිනි (මහජන සේවයට පැමිණීම වෙනුවෙන් ඇත්ත වශයෙන්ම ඔවුන් කර ඇති කැප කිරීම සුළු පටු නොවේ. ඔවුන් පාර්ලිමේන්තු එන්නේ ජීවිත කාලයේම උපයාගත් දැනුම වෙනුවෙන් ලැබුන මහචාර්ය පදවියත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වඩා තුන් ගුණයක් ඉහළින් තිබූ වැටුපත් අතහැර දමා ය. ඒ පිළිබඳව අප ඔවුනට හිස නමා ආචාර කළ යුතුය. )

මහාචාර්ය තනතුරු නාමය අත් හැරීමේ සදාචාරය

නමුත් රටේ සාමාන්‍ය ජනතාව සහ විශේෂයෙන් මාධ්‍යවේදීන් දැන ගතයුතු කරුණක් නම් ඔවුන්ගේ නම් ඉදිරියේ තව දුරටත් මහාචාර්ය යන්න භාවිතා නොවන බවයි. (රුහුණේ මහාචාර්ය අබේවික්‍රම සම්මාන මහාචාර්ය වරයෙක් බැවින් ඔහුට එය භාවිතා කළ හැකිය) සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි තවදුරටත් තමා මහාචාර්ය ලෙස හඳුන්වා නොදෙන ලෙස අවස්ථා කිහිපයකම ප්‍රකාශ කොට තිබේ. ඒ ඔහුගේ නිහතමානී කම ය; ජනතාවට සත්‍යවාදී වීමේ උවමනාවය. Hiniduma Sunil Senevi මේ කරුණ ජනතාවට පැහැදිලි කිරීමට සිදුවන්නේ මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි ඇතැම් ඇමති / මන්ත්‍රීවරු තමන්ට මහාචාර්ය යයි අමතත් දී එසේ නොකියන ලෙස කිසිවිට ඉල්ලා නොසිට ව්‍යාජ ලෙස එය භාවිතා කිරිම නිසාය.
මෙවර පාර්ලිමේන්තු ගිය මහාචාර්යවරු තම අවංක භාවය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරනවිට, එයාට කලින් තිබ්බ මහාචාර්ය කම දැන් කෝ කියා ඇසීමෙන් යමෙකු පෙන්වන්නේ තමාගේම නොදැනුවත් කමේ තරම යි. ඒ අයට මේ පැහැදිලි කිරීම වැදගත් වනු ඇත. මහාචාර්ය තනතුර අහිමි වුවත් ඔවුන් රැස් කළ දැනුම ආපසු නොයන බැවින් ඔවුන්ට පෙර තිබූ ගෞරවය ලබා නොදීමට නම් හේතුවක් නැත.
ඒ වගේම මා සියලු මාධ්‍ය වේදීන් ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සාකච්ඡාවලට කැඳවන යාවජීව මහාචාර්යවරුන් (එම කොටස නමට කවදා කොහෙන් ලබුනේදැයි ඔහුවත් දන්නේ නැති) ගෙන් අඩු තරමින් ඔවුන් මහාචාර්ය වන්නේ කවර විශ්වවිද්‍යාලයක දැයි විමසා සාකච්ඡාව අරඹන ලෙසයි. එවිට මාධ්‍යවල දැනට රඟන මහාචාර්යවරු 50%ක් ධුරිභුත වනු ඇත.
විදේශ විශ්වවිද්‍යාල සමහරක අපේ මෙන් කතිකාචාර්‍ය කියා තනතුරක් නැත. ඔවුන් කතිකාචාර්‍ය තනතුර හැඳින්වීමට යොදා ගන්නේ Assistant Professor යන යෙදුමයි. ඒ නිසා ඔය මහාචාර්ය තනතුර ලැබුණේ විදේශ විශ්වවිද්‍යාලයකින්යයි කියන අයගෙන් බොහෝ පරිස්සම් විය යුතු ය. ඇත්තටම එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ ඔහුගේ නම ඉදිරියෙන් Assistant Professor කියා තිබිය හැකි ය. කපිලවස්තු පුරයෙන් ගෙනා “නිසැක සර්වඥ ධාතු” කියන්නා සේ foreign ඒවා නම් නිසැකද කියා ප්‍රශ්න කළ යුතුම ය.
( 2024-12-14 දිනැතිව මුහුණු පොතේ පළවූ ලිපියකි )

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටික් ටොක් අර්චුනා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේත් පිස්සු කෙළී… කෙළවරක් නැති පිස්සුව යාපනයට එපා වෙයි!

Next Post

කන්කසන්තුරේ තිස්ස විහාරයට එරෙහි ආගම මුල් කොටගත් ජාතිවාදී උද්ඝෝෂණය අතර උද්ඝෝෂකයින් හා පොලිසිය හා ගැටී 03කට තුවාලයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

Comments 1

  1. Tharaka Bandara says:
    වසර 2ක් ago

    ඔය විදිහටම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂ න් එකේ ලේකම්ගේ PHD එකත් පොඩ්ඩක් හොයනවද

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.