සිංහල ගීත කලාව තුළ මහා භූමිකාවක් ඉටු කළ කලාශූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදය කර ඇත.
දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.
මේ ලිපියත් බලන්න…
කිසි කලෙක පිරවිය නොහැකි අඩුවක් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරියෙන් සමු ගනී…







