අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙදියන් 3000ක් ඉල්ලූ ඇමෙරිකාවට යවා ඇත්තේ තුන් දෙනයි !

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ඇමෙරිකානු ශ්‍රම බඳවා ගැනීමේ ආයතනයක් හරහා හෙද හෙදියන් තුන් දහසක් පමණ ඇමෙරිකාවේ රැකියාවලට යැවීම සඳහා ගිවිසුම් ගත වී තිබුණද වසර හතක් තිස්සේ මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට යවා ඇත්තේ හෙදියන් තුන් දෙනකු පමණක් බව අනාවරණය විය. මේ වනවිට විශාල පිරිසක් විදේශ ගත වීමේ අවශ්‍යතාවෙන් පසුවන තත්ත්වයක් තුළ වසරක් තුළ උපරිම වශයෙන් හෙදියන් එම ගිවිසුම අනුව යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස පෙරේදා (22) රැස්වූ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා ) සෞඛ්‍ය අමාත්‍යංශය ට ද සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයට උපදෙස් දුන්නේය.

මෙහිදී කාරක සභාවට සහභගී වූ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සභාව හමුවේ අනාවරණය වුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කර නැති බවත් අදාළ ගිවිසුම වසර පහකට වරක් අත්සන් කළ යුතුව තිබුණද මෙම ගිවිසුමේ එක් පාර්ශ්වයක් පමණක් අත්සන් කළ අසම්පූර්ණ පිටපතක් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් අල්විස් පැවසූයේ රජයේ හෙද විදුහල්වලින් පිහිටුවන ලද හෙද හෙදියන් අතරින් වසරකට 200ත් 300ත් අතර ප්‍රමාණයක් දැනට විදේශ ගත කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය හැකි බවය. එසේ වුවද 2023 වසර තුළ විදේශගත වී ඇති හෙදියන් ප්‍රමාණය 20ක් පමණක් බවත් ඔවුන්ට සාපේක්ෂව වෛද්‍යවරුන් 300කට වඩා විදේශ ගත වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

මෙහිදී ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනයේ නිලධාරියකු අනාවරණ කළේ කර්මා සර්විසස් නම් ඇමෙරිකානු ආයතනය සමඟ හෙදියන් විදේශ ගත කිරීම අදාළ ගිවිසුම යළි යාවත්කාලීන කිරීමට මේ වනවිට කටයුතු කර ඇති අතර වසරක් සඳහා එය බලාත්මක බවයි. කෙසේ වුවද මෙම වසර තුළ මේ වනවිට හෙදියන් තිදෙනකු ඇමෙරිකාවේ ඊට අදාළ විභාගය සමත් ව වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් ව සිටින අතර තවත් හෙදියන් තිදෙනකු විභාගය සඳහා සූදානම් වන  බව අනාවරණය කළේය. එසේම ඔහු මෙහිදී සඳහන් කළේ හෙදියන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකමක් වන අයිඊඑල්ටීඑස් (IELTS) ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය අසමත් වීමද මෙලෙස ඔවුන් යැවීමට පවතින විශාල බාධකයක් වී ඇති බවයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ භාෂා ප්‍රවීණතාව ලබා දීම පිළිබඳවද එහිදි අවධානයට ලක් වූ අතර විශේෂයෙන් හෙදියන්ට ඉංග්‍රිසි භාෂා දැනුම සහ ඔවුන්ගේ භාෂණ හැකියාවන් වර්ධනය කිරීමට ඉලක්ක කර ගත් විශේෂ වැඩ සටහන් රජය විසින් දියත් කළ යුතු බවටද සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමෙන් රටට මේ මොහොතේ වැඩි විදේශ විනිමක් ලබා ගැනීමේ හැකියාව පවතින නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ කම්කරු සහ විදෙශ රැකියා අමාත්‍යංශය මේ පිළිබඳව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. එසේ වුවද ඇමෙරිකාවට විශාල හෙදියන් ඉල්ලුමක් තිබියදීත් අදාළ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් මෙතෙක් නොපැවතීම  පිළිබඳව විවේචනයට ලක් කළේය.

මෙහිදී සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ හෙදියන් ඇතුළු පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමට අදාළ ව කඩිනමින් ගත යුතු ක්‍රියා මාර්ග හඳුනාගෙන අදාළ පියවර ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් උප කමිටුවක් පත් කිරීම සුදුසු බවය.

ඒ අනුව විදේශ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, විදේශ රැකියා, වෘත්තීය පුහුණු අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට සභාපතිවරයා නියෝග කළේ මාස දෙකක් පමණ කාලයක් තුළ මීට අදාල වාර්තාවක් සකස් කරන ලෙසය. එම වාර්තාව කෝපා කමිටුව් උප කමිටුවට ලබා දිය යු බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 

අදාළ වීඩියෝ සමබන්ධතාව පහත දැක්වේ

https://parliament.lk/si/business-of-parliament/webcast/committee-live-on-demand

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ඇමති නවීන්ගේ නිවසේ විදුලිය කපන්න ගිය සේවකයා ගේට්ටුවෙන් පිටතට තල්ලු කරලා !

Next Post

වෙඩි තැබීමක් නිසා ඇෆ්ගන් පාකිස්ථාන දේශසීමා වල විරසකයක්

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.