ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් හෙට (04) පැවැත්වීමට නියමිතව බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එසේම වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.







